ඇමෙරිකාව සමග ඛණිජ නිධි ගිවිසුමකට අත්සන් තබන බව යුක්රේනය නිවේදනය කර තිබෙනවා.
මේ අතර ඇමෙරිකාව පවසන්නේ ඉක්මන් ප්‍රගතියක් නොලැබුණහොත් යුක්රේන සාම සාකච්ඡාවලින් ඉවත් වන බවයි.
ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුමක කොටසක් ලෙස යුක්රේනයේ ප්‍රතිසංස්කරණ සදහා අරමුදලක් පිහිටුවීමට ඇමෙරිකාව හා යුක්රේනය අදහස් කරන බව යුක්රේන රජය පවසනවා.
අප්‍රේල් 26 වන විට මෙම ගණුදෙනුව අවසන් කිරීම අරමුණ බවයි ඔවුන් පවසා ඇත්තේ.
කෙසේ වෙතත් මෙම ගණුදෙනුව ඛණිජවලින් ඔබ්බට යුක්රේනයේ බලශක්ති යටිතල පහසුකම් මෙන්ම එහි තෙල් හා ගෑස් පාලනය දක්වා ව්‍යාප්ත කර ඇති බව ඇතැම් වාර්තාවල සදහන්.
පසුගිය පෙබරවාරීයේ ධවල මන්දිරයේදී යුක්රේන ජනාධිපතිවරයාට ඇමෙරිකා ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ බැණ වැදීමත් සමග දෙරට අතර ගිවිසුමක් පිළිබඳ සාකච්ඡා තාවකාලිකව අතහැර තැබුණා.
කෙසේ වෙතත් අද දිනයේ දී දෙරට අතර එකගතා ලේඛණයකට අත්සන් තබා තිබෙනවා.
එය යුක්රේනයේ ප්‍රතිසංස්කරණය සදහා ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුමක් සදහා ආයෝජන අරමුදලක් පිහිටුවීමට මගපාදන ලියවිල්ලක් බවයි යුක්රේනය පවසන්නේ.
Saru FM Media