ඇමෙරිකාව ලබන මාසයේ සිට ඉන්දියාවට නව තීරු බදු පැනවීමට තීරණය කරයි

0
14


ඇමෙරිකාව ලබන මාසයේ සිට ඉන්දියාවට නව තීරු බදු පැනවීමට තීරණය කර තිබෙනවා.

ඇමෙරිකා ජනාධිපතිවරයා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පසුගිය දා වොෂින්ටනයේ හමුවු අවස්ථාවේ දී ද්විපාර්ශවික වෙළෙඳ සබඳතා ශක්තිමත් කර ගැනීමට තීරණය කළා.

වසර 2030 වන විට ද්විපාර්ශවික භාණ්ඩ හා සේවා වෙළෙඳාම ඩොලර් බිලියන 500 දක්වා වැඩි කර ගැනීම දෙරටේ අරමුණයි.

ඇමෙරිකාවට ගෙන්වන සියලුම ආනයනික වාහන සඳහා 25%ක තීරු බද්දක් අය කිරීමට තීරණය කෙරුණා.

ඒ අනුව විදේශයන්හි එකලස් කරන ලද ඇමෙරිකා වෙළෙඳ නාම ඇතුලු ඇමෙරිකාවේ විකුණන සියලුම වාහන සඳහා මෙම තීරු බද්ද අය කෙරෙන බවයි වාර්තා වන්නේ.

ඉන්දියාව ඉහළ තීරු බදු අයකෙරෙන රටක් වන අතර ඇමෙරිකා භාණ්ඩ සඳහා ද එලෙස තීරු බදු අය කෙරෙන හෙයින් ඇමෙරිකාව ගනු ලැබු තීරණය අප්‍රේල් දෙවන දා සිට ක්‍රියාත්මක වනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here