ඇමෙරිකාවේ විද්‍යාඥයින් කණ්ඩායමක් සමත් වූ දේ

0
19


ඩයර් වුල්ෆ් වර්ගයට අයත් වෘකයින් නැවත බිහි කිරීමට ඇමෙරිකාවේ විද්‍යාඥයින් කණ්ඩායමක් සමත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඩයර් වුල්ෆ් කාණ්ඩයට අයත් වෘකයින් මීට වසර 12,500කට පමණ පෙර පෘථිවියෙන් වඳවී ගිය බවටයි විශ්වාස කෙරෙන්නේ.

කෙසේ වුවද ඇමෙරිකාවේ ජෛව තාක්ෂණ සමාගමක් එම වෘකයින් නැවත බිහි කිරීමට සමත්වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම ඩයර් වුල්ෆ් වෘකයාට සමීපතම ලෙස සැලකෙන අලු වෘකයාගේ ජාන වෙනස් කිරීම සඳහා ඩීඑන්ඒ / ක්ලෝනීකරණය හා ජාන සංස්කරණ තාක්ෂණය භාවිත කරමින් විද්‍යාඥයින් මෙම නව බිහිකිරීම සිදුකර තිබෙනවා.

ඩීඑන්ඒ ලබා ගැනීම සඳහා වසර 13,000ක් පැරණි දතක් සහ වසර 72,000ක් පැරණි හිස්කබලක් උපයෝගී කරගෙන ඇති බවද එරට මාධ්‍ය සඳහන් කළා.

වෘක පැටවුන් තිදෙනෙකු බිහි කිරීමට එම සමාගම සමත්ව ඇති බව ඊයේ (08) නිවේදනය කළා.

ඔවුන් තිදෙනා අක්කර දෙදහසක භූමිභාගයක ඉදිකර ඇති සත්වෝද්‍යානයක මේ වනවිට ජීවත් වන බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here