ඇමෙරිකාවේ බලගතු ප්‍රහාරක යානා දෙකක් බිලි දෙයි ! – Saru News | සිංහල

0
4

ඉරානය අභ්‍යන්තරයේ දී කඩාවැටුණු ‘එෆ්. 15 ඊ.’ යනුවෙන් හැඳින්වෙන ඇමෙරිකාවට අයත් අතිනවීන ප්‍රහාරක යානය කඩාවැටීමෙන් පසුව එහි සිටි එක් නියමුවකු බේරා ගැනීමේ මෙහෙයුමේ දී එරටට අයත් තවත් ප්‍රබල ප්‍රහාරක යානා දෙකක් බිලි දීමට සිදු වී ඇති බව මේ වන විට තහවුරු වී තිබේ.

මේ වන විට ඇමෙරිකානු මාධ්‍ය තහවුරු කර තිබෙන්නේ ‘සී. 130’ වර්ගයේ ගුවන් හමුදාවට අයත් යානා දෙකක් ඉරානය තුළ දී තමන් විසින් ම විනාශ කරන ලද බව ය. ඇමෙරිකානු ජනාධිපති, ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, ‘එෆ්. 15 ඊ.’ යානයේ සිටි ගුවන් භටයා බේරා ගැනීමේ මෙහෙයුම් සඳහා ඇමෙරිකානු ගුවන් හමුදාවේ යානා 12ක් යොදවන ලද බව ය. එරට මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ එම යානා 12 අතුරින් දෙකක් ඉරානයේ පිහිටා තිබූ අත්හැර දමන ලද ගුවන්පථයකට ගොඩබස්වන ලද බව ය. එම ගුවන් යානා නැවත ගුවන්ගත කළ නොහැකි වූයෙන්, සතුරා අතට පත් වීමට ඉඩ නොදී තමන් විසින් ම විනාශ කර දමන ලද බව ඇමෙරිකානු වාර්තාවලින් කියැවේ.

එහෙත්, ඉරානයේ විප්ලවීය ආරක්‍ෂක බළකාය විසින් ප්‍රකාශ කර තිබෙන්නේ එම යානා දෙකට තමන් විසින් පහර දී විනාශ කර දමන ලද බව ය. පෙර කී ගුවන් භටයා මුදා ගැනීමේ මෙහෙයුම්වල දී පළමු වරට දරුණු ගොඩබිම් සටන් ඇති වූ බව දෙපාර්ශ්වයේ ම කරුණු දැක්වීම් අනුව පැහැදිලි වී තිබේ. මේ අතර, ඉරානයට එරෙහිව ඇමෙරිකාව සහ ඊශ්‍රායලය දියත් කළ යුද්ධයේ දී අවම වශයෙන් මේ වන විට ඇමෙරිකාවට අයත් ප්‍රහාරක යානා සහ හෙළිකොප්ටර් හතක්වත් විනාශ වී ඇති බවට නිරීක්‍ෂකයෝ පෙන්වා දී ඇත. මුල දී ‘එෆ්. 35’ වර්ගයේ යානා දෙකක්, ඒ. 10 ප්‍රහාරක යානයක්, ‘එෆ්. 15’ ප්‍රහාරක යානයක්,  ‘බ්ලැක් හෝප්’ හෙළිකොප්ටර් යානයක් නියත වශයෙන් ම මේ වන විට විනාශ වී තිබේ.


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here