රාජ්‍ය හවුල්කාරීත්ව වැඩසටහන යටතේ ඇමෙරිකාවේ මොන්ටානා ජාතික ආරක්ෂක බළකාය ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබුවේ පසුගිය 14 වැනිදාය . කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය පැවසුවේ, මෙමගින් ඉන්දු-පැසිෆික් කලාපයේ සාමය, ආරක්ෂාව සහ ආපදා ප්‍රතිචාර දැක්වීම වැඩිදියුණු කරමින් එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව ආරක්ෂක සහයෝගිතාව වඩාත් විධිමත් කරනු ලැබූ බවයි.
ඒ, ඇමෙරිකානු යුද දෙපාර්තමේන්තුවේ රාජ්‍ය හවුල්කාරිත්ව වැඩසටහන (SPP) යටතේය.
ශීත යුද්ධය අවසන් වීමෙන් පසු, ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව (වර්තමානයේ යුද දෙපාර්තමේන්තුව) විසින් 1993 දී රාජ්‍ය හවුල්කාරිත්ව වැඩසටහන (SPP) නිර්මාණය කරන ලද්දේ එක්සත් ජනපද රජයේ ජාතික ආරක්ෂක බළකාය සහ හවුල්කාර ජාතීන් අතර කල් පවතින සබඳතා වර්ධනය කිරීම සඳහා ය. මොන්ටානා ජාතික ආරක්ෂක බළකාය, එක්සත් ජනපද වෙරළාරක්ෂක දිස්ත්‍රික්කය 13 සහ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා අතර, ආරක්ෂක හවුල්කාරිත්වය විධිමත් කරන මෙම අවබෝධතා ගිවිසුමට (MOU) අත්සන් තැබුණේ මෙරට ආරක්ෂක අමාත්‍යාංශයේ දීය.
එම ගිවිසුම මේ වන විට මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. එය පහත පරිදිය

Saru FM Media







