ඇමරිකා එක්සත් ජනපදයේ නාවික හමුදාවේ විශේෂ සීල් නාවික බළ ගණයේ යුද පුහුණුව ලබා සමත් වූ එකම ශ්‍රී ලාංකිකයා වන ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කොයාන් චමිත ඊයේ (28) උදෑසන හදිසියේම අභාවප්‍රාප්ත වී තිබේ.
ඇමෙරිකානු විශේෂ සීල් නාවික බළ ගණයේ යුද පුහුණුව ලොව අසීරුතම යුද පුහුණුව ලෙස සැලකේ.
මිය යනවිට ඒ මහතා විසිනව හැවිරිදි වියේ පසුවිය.
ලුතිතන් චමිත ඔහු රාජකාරි කටයුතු කරමින් සිටි වැලිසර නාවික හමුදා කඳවුරේ නිලධාරී නිවස්නයක් තුළ රාත්‍රියේ නිදාගෙන සිටියදීම මරණයට පත්ව ඇති බව වාර්තා වේ.
සුපුරුදු පරිදි ඊයේ උදෑසන අවදි නොවීම පිළිබඳ ඔහුගේ හිතවත් නිලධාරින් කළ සොයා බැලීමකදී ඔහු නිදි ඇඳෙහිම මරණයට පත්ව සිටියදී හමුවී ඇති බව පැවසේ.
මිතුරන් පරික්ෂාකරන විටද ඔහු මියගොස් පැය කිහිපයක් ගතව තිබූ බව වාර්තා වේ.
නාවික හමුදා ආරංචි මාර්ග පවසන්නේ ඔහු කිසිදු රෝගී තත්ත්වයක් නොපෙන්වමින් තම සුපුරුදු රාජකාරි ඉටු කරමින් සිටි නිලධාරියකු බවය.
ලුතිනන් චමිතගේ මරණයට හේතුව හදිසි හෘදයාබාධයක් බවට සැක කෙරේ.
ගම්පහ බණ්ඩාරනායක විදුහලේ ආදි සිසුවකු වන ඔහු මීට මාස අටකට පමණ ඉහතදී ඇමරිකාවේ සීල් හමුදා පුහුණුව සාර්ථකව නිමකර මෙරටට පැමිණියේය.
Saru News










