ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් අගය රු.309 ත් පනී

0
13

ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් අගය අද (14) දිනයේ දී රු.309.61 ක් දක්වා රු.1.27 කින් සැලකිය යුතු ලෙස ඉහළ ගියේය.
ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් අගය ඊයේ ( 13) වාර්තා වුයේ රු.308.34 ක් ලෙසය.
එසේම ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඊයේ දිනයේ ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු.301.91 ක් ලෙස සටහන් වූ අතර ඊයේ ( 13) එම අගය වාර්තා වුයේ රු. 300.84 ක් ලෙසය.
ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල මෙලෙස රු. 309 සීමාව ඉක්මවා ගොස් ඇත්තේ 2024 සැප්තැම්බර් 24 දිනෙන් පසු පළමු වරට ඊයේ දිනයේ දීය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here