අශෝක ජයතුංග
අප්‍රේල් 04 වොෂින්ටන් LNW :
🍎ඇමෙරිකාව ගරු කරන්නේ දක්ෂිණාංශික රටවලට මිස වාමවාදීන්ට නොවීම…..?
🍎ඇමෙරිකාව අප සුරාකෑවාද. අප ඔවුන් සුරාකෑවාද…..?
🍎හොංකොං දියුණුව හා ලංකාව.
🍎ඉන්දියාව ඇග බේරා ගත්තේ කෙසේද….?
🍎පංති 05 ක ඉන්දීය විරෝධය අද වැඳ වැටීමක් දක්වා පල්ලම් බැහීම…..?
ඇමෙරිකාව ලොව බලත්ම රාජ්‍ය බව යළිත් සනාථ කරමින් එරටට යවන සියලු භාණ්ඩ සදහා අධික බදු බරක් පටවා ලෝකයම සසල කොට තිබේ. ඇමෙරිකාවට කැස්සක් හැදුනොත් ලෝකයට එය උණසන්නිපාතයක් වන්නේ ඒ තුළය.
අප සුරාකන අධිරාජ්‍යවාදී ඇමෙරිකාව පිටු දකිමු. උන් පන්නමු හා මරමු යයි විපක්ෂයේ දී ලෝක ආර්ථික හා දේශපාලනය ගැන අබමල් රේණුවක වැටහීමකින් ක්‍රියා නොකල ජවිපෙ හා මාළිමාවට දැන් උතුර දකුණ සොයා ගැනීමට පවා නොහැකිව ඇත්තේ ඒ තුළය.
ඇමෙරිකාව ලංකාවේ ඇගළුම් වලට GSP යටතේ බදු රහිත විශාල සහන දුන් වකවානුවක් ද තිබිණ. අනතුරුව ලංකා භාණ්ඩ සදහා සාධාරණ 12. 2% ක බද්දක් ඔවුන් ස්ථාපිත කළේය. එහෙත් එරටින් මෙරටට ගෙන්වන භාණ්ඩ වලට විශාල බදු ගැසීමක් සිදු කෙරිණ. එරටින් ගෙන්වන භාණ්ඩ අතර ප්‍රධාන වශයෙන් පවතින්නේ වාහන හා අමතර කොටස්ය. මාළිමා රජය වාහන ගෙන්වීම යළි ඇරඔුවේ ජනතාවට ආදරේට වඩා ජනතාව සුරාකමින් අධික බදු ලබා ගැනීමේ යටි අරමුණෙනි. ඒ තුළ වාහන ගෙන්වීමේදී වෙනදා නොතිබූ විශාල බදු ප්‍රමාණයක් මාළිමාව රජය ස්ථාපිත කල අතර ඒ හරහා ඇමෙරිකාවෙන් ගෙන්වන භාණ්ඩ වලට 88% ක අති දැවැන්ත බද්දක් දක්වා එය ඉහළ ගියේය. ලංකාව විහින් අමාරුවේ වැටුණේ එතනදීය. ඇමෙරිකාව අප සුරාකන බව කීව ද ලංකාව විසින් ඇමෙරිකාව සුරාකන්නට ගොස් පොට වරද්දා ගත්තේ එසේය.
තවද ඇමෙරිකාවේ නව බදු තුළින් වැඩිපුර රිදවා ඇත්තේ වාමාංශික නැඹුරුවක් සහිත රටවලටය. ඊට ප්‍රධාන හේතුව වන්නේ එම රටවල් නිදහස් වෙළෙද ආර්ථිකයට වඩා බදු හා වක්‍ර බැරියර් හරහා ඇමෙරිකාව හා වෙනත් රටවලට යටි ගේම් දීමය. එහි ප්‍රතිවිපාක අද එම රටවලට හුස්ම ගන්නට පවා බැරි තත්වයක් උදාකර තිබේ.
දැන් කලහැකි එකම විසදුම ඇමෙරිකානු භාණ්ඩ වලට ලංකාව පැනවු 88% අධික බදු 10% වැනි මට්ටමට ගෙන ඒමය. එවිට ඇමෙරිකාව ලංකාවට පනවා ඇති 44% බද්ද 10%දක්වා අවම කරගත හැකි යම් ඉඩක් පවතී. එවිට සිදුවන්නේ කුමක්ද. සෙසු රටවලින් ලංකාවට ගෙන්වන වාහන හා සෙසු භාණ්ඩ වලට ද එම සහනය ලබාදීමට සිදුවීමය. එවිට බදු ගසා ජනතාව මරාගෙන කන රනිල් මහින්දලා මෙන් නොව අප බදුබර ඉවත්කර ජනතාවට සහන දෙන බව විපක්ෂයේ සිට මොරදුන් මාළිමාවට රනිල්ලා ගැසු බදු වලටත් එහා ගොස් පනවා තිබු බදු අකුලා ගැනීමට සිදුවීමය. එවිට අයවැය පරතරය පුරවන හැටි අයවැය කතාවේදී නොකී මාළිමාව තීරු බදු ගසා ඒ තුලින් අපේක්ෂා කළ රු බිලියන 2000 කට කිට්ටු මුදලට කණ කොකා ඇඬීම අනිවාර්යය.
පවතින අති බැරෑරුම් තත්වය තුළ අමාරුවේ වැටෙන්නේ මාළිමා ආණ්ඩුව නොව ජනතාවය. අපනයන වෙළෙදාම හා කර්මාන්ත කරන ව්‍යාපාරිකයන්ය. විශේෂයෙන් ඇමෙරිකනෙු වෙළෙද පොළට මෙරටින් යන ප්‍රධාන භාණ්ඩ අතර ඇගළුම් හා රබර් නිෂ්පාදන පවතී. එම කර්මාන්ත අභියෝගයට ලක්වී ලක්ෂ 10 ක රැකියා වලට ද අවිනිශ්චිත බවක් ඇතිවීම අනිවාර්යය. ටුම්ප් මෙම බදු ගැන කීවේ සැප්තැම්බර් වලය. සෙසු රටවල් අදාළ ක්‍රියාමාර්ග ගනිද්දී ලංකාව කළ කී බම්බුවක් නැත. ඉන්දියාව ඇමෙරිකාවෙන් ගෙන්වන භාණ්ඩ වලට බදු අඩු කිරීම් හා එරටින් වැඩි භාණ්ඩ ප්‍රමාණයක් ගෙන්වීමේ උපාය මාර්ගයට ගොස් ඇග බේරාගත්තේය. එහෙත් මාළිමා රජය කල කී දෙයක් නැත.මාළිමාවේ මඩ බලකායට බයවී ට්‍රම්ප් ලංකාවට අත නොතබන බව මාළිමාව සිතුවාදැයි අද සමාජ මාධ්‍ය වල හින්ට් වදින්නේ ඒ තුළය.
හාල් මුදලාලිලා බැලන්ස් කරගෙන රටට ජනතාවට වාසිදායක පසුබිමක් තැනීමට අසමත්වූ මාළිමා ආණ්ඩුව ඇමෙරිකාව හා ලෝක සීතල වෙළෙද යුද්ධයට උපාය මාර්ගිකව මුහුණ දී ඉන් ජයගත හොත් එය ප්‍රාතිහාර්යක් මෙන්ම රටේ වාසනාවක් වනු නියතය.
Saru FM Media