ඇමැති ආනන්ද විජේපාලගේ සහෝදරයා මරුට

0
2

පාදෙණිය අනුරාධපුර මාර්ගයේ මහගල්කඩවලදී ඊයේ (15) සිදුවූ රිය අනතුරකින් මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල ගේ සහෝදරයා ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ 63 හැවිරිදි මහඉලුප්පල්ලම පදිංචි කේ.එස් එම්. පියසේන දිසානායක නැමැත්තාය.

මරණකරු මහ ගල්කඩවල ප්‍රදේශයේ පදිංචි තම බාල සොහොයුරාගේ නිවසේ උත්සව අවස්ථාවකට සහභාගී වී යතුරු පැදියෙන් ආපසු තම නිවස බලා යමින් සිටියදී මහගල්කඩවල වංගුව ප්‍රදේශයේ නවතා තිබූ ලොරියක යතුරුපැදිය ගැටී සිදුවූ අනතුරකින් මරණයට පත්ව ඇත.

මෙම මරණය පිළිබද වැඩිදුර විමර්ශන ගල්ගමුව පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් විසින් සිදුකරයි.

මූලාශ්‍රය – අරුණ

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here