මැදපෙරදිග යුද ගැටුම් අවසන් කිරීමේ අරමුණින් අමෙරිකාව සහ ඉරානය අතර පැවැත්වෙන සාම සාකච්ඡා පාකිස්තානයේ ඉස්ලාමාබාද් හිදී අද (11) ආරම්භවීමට නියමිතය.
මේ සඳහා අමෙරිකාව වෙනුවෙන් එරට උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් ඇතුළු පිරිසක්ද, ඉරානය වෙනුවෙන් එරට විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරාග්චි ඇතුළු පිරිසක්ද මේ වනවිට පාකිස්තානය වෙත පැමිණ සිටියි.
කෙසේ නමුත් සාකච්ඡා ආරම්භවීමට හෝරා කිහිපයකට පෙර ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බාගර් ගලිබාෆ් විසින් සාකච්ඡා ඇරඹීමට පෙර කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව විදේශ බැංකුවල ඇති ඉරාන රියාල් බිලියන ගණනක වත්කම් වහාම නිදහස් කරන ලෙසත්, ලෙබනනයේ ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානයට එරෙහි ප්‍රහාර නවත්වන ලෙසත් ඔහු පවසා ඇති බව වාර්තාවේ.
ඉරානයට එරෙහිව අමෙරිකාව හා ඊශ්‍රායලය ඉකුත් පෙබරවාරි 28වනදා ඒකාබද්ධ ප්‍රහාරයක් දියත් කළේය.
එතැන් සිට දින 40ක් පුරා යුද ගැටුම් පැවති අතර, එයට තාවකාලික විරාමයක් ලබාදෙමින් පාකිස්තානයේ මැදිහත්වීමෙන් අප්‍රේල් 8 වනදා සිට සති දෙකක කාලයකට සටන් විරාමයක් මේ වනවිට අරඹා තිබේ.
Saru News
















