ඇමරිකාව සමග සාකච්ඡාවකට රටවල් 50ක් සූදානමින්

0
12


තීරුබදු පැනවීමෙන් පසු රටවල් 50කට අධික සංඛ්‍යාවක් ඇමරිකාව සමග සාකච්ඡා සඳහා සූදානමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරුබදු පැනවීමෙන් පසු රටවල් 50 කට වැඩි ප්‍රමාණයක් වෙළඳ සාකච්ඡා ආරම්භ කිරීම සඳහා ධවල මන්දිරය සමඟ සෘජුවම සම්බන්ධ වී ඇති බව ඇමරිකා බලධාරීන් පවසනවා.

මෙම තීරු බදු පැනවීමත් සමග ඇමරිකා කොටස් වෙළෙඳපොළ ඩොලර් ට්‍රිලියන 6 කින් පහත වැටීමකට ද ලක්වූණා.

ඊශ්‍රායල ජනාධිපති බෙන්ජමින් නෙතන්යාහුද වෙළෙඳ සාකච්ඡා සඳහා ට්‍ර්ම්ප් හමුවීමට වොෂින්ටනය වෙත පැමිණීමට නියමිත බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර වියට්නාමය පවසා සිටියේ අමෙරිකානු භාණ්ඩ සඳහා ආනයන තීරුබදු 0% දක්වා අඩු කරන බවයි.

කාම්බෝජය ද ඇමරිකා නිෂ්පාදන සඳහා 5% ක ආනයන තීරුබදු යෝජනා කරමින් ලිපියක් යවා තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කළා.

ඉන්දුනීසියාව සහ තායිවානය ද අමෙරිකාව සම්බන්ධයෙන් ලිහිල් බදු ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here