ඇමරිකාවේ බදු පැනවීම රජයට නිර්දේශ දෙන්න ජනපතිගෙන් කමිටුවක්!

0
14


කොළඹ LNW: ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද නව අන්‍යෝන්‍ය තීරු බදු හේතුවෙන් පැන නැඟිය හැකි ගැටලු පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කර රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කමිටුවක් පත් කර ඇත.

ඒ අනුව මුදල් අමාත්‍යාංශයේ ලේකම්, මහබැංකු අධිපති, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති, විදේශ අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් යන නිලධාරීන්ද, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව , ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්ති උපදේශක ශිරාන් ප්‍රනාන්දු සහ අෂ්රොෆ් ඔමාර්, ෂෙරාඩ් අමලීන්, සයිෆ් ජැෆර්ජී යන මහත්වරුන්ගෙන් සමන්විත කමිටුව විසින් ඇමරිකාව විසින් පනවා තිබෙන බදු සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා රජයට නිර්දේශ ඉදිරිපත් කර යුතු වෙයි.

ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට අපනයන කරන භාණ්ඩ සඳහා 44% ක බද්දක් පනවා ඇති අතර එයට හේතුව ලෙස දක්වා ඇත්තේ ශ්‍රී ලංකාව,ඇමරිකානු අපනයන සඳහා 88% ක බද්දක් අයකිරීමයි.

ආශිකා බ්‍රාහ්මණ



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here