ඇමරිකානු තීරු බදු අධ්‍යයනයට පත් කළ කමිටුව හා ඇමරිකානු නියෝජිතයින් අතර සාකච්ඡාවක්

0
21


ඩොනල්ඩ් ට්‍රම්ප් රජය අන්‍යෝන්‍ය ගැලපීම මත සකස් කළ තීරු බදු හෙට (09) දිනයේ සිට ක්‍රියාත්මක වනවා.

මේ අතර ඇමරිකානු තීරු බදු පිළිබඳ අධ්‍යයනය කිරීමට පත් කළ කමිටුවේ සාමාජිකයින් සහ ඇමරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලයේ සාමාජිකයින් අතර හමුවක් අද (08) පැවැත්වෙනවා.

එහිදී ශ්‍රී ලංකා රජයේ යෝජනාවලිය ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර ඇමරිකාව පැනවූ තීරු බදු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මෙරට ඇමරිකා තානාපති ජුලි චන්ග් ඊයේ (07) හමුවුණා.

මෙහිදී ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති තීරු බදු ප්‍රතිපත්තියට රටක් ලෙස මුහුණ දෙන ආකාරය පිළිබඳව අමාත්‍යවරයා තානාපතිනිය සමඟ සාකච්ඡා කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවතින වෙළෙඳ සබඳතා සහ ඇමරිකානු නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට බලපෑ හැකි අන්දම පිළිබඳව මෙහිදී දීර්ඝව සාකච්ඡා කර ඇති බව සඳහන්.

මේ අතර ඇමරිකානු තීරු බදු ලිහිල් කර ගැනීම සම්බන්ධයෙන් රටවල් 50ක් පමණ ඇමරිකාව සමඟ වෙළෙඳ සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here