ඇමති වැටුප එපා – ඇමතිවරු ලිඛිතවම දන්වයි

0
13


අමාත්‍ය වැටුප ලබා නොගෙන, මන්ත්‍රී වැටුප පමණක් ලබාගන්නා බවට සියලු අමාත්‍යවරුන් විසින් අදාල අමාත්‍යංශ ලේකම්වරුන්ට මේ වන විට ලිඛිතව දැනුම්දී ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

ඔහු කියා සිටියේ මන්ත්‍රීවරුන් ලෙස අමාත්‍යවරුන්ට ලැබෙන ඉන්ධන දීමනාව ලබා නොගැනීමට ද තීරණයක් ගෙන ඇති බවයි.

Neth Sound · NALINDA 01

එමෙන්ම රාජ්‍ය සේවක වැටුප් වැඩි වීමට අදාල චක්‍රලේඛය ඊයේ දිනයේ නිකුත් වුවද අප්‍රේල් මස 10 වනදා වන විට වැටුප් ලබාදීමට හැකිවනු ඇතැයි අමාත්‍යවරයා මෙහිදී විශ්වාසය පළ කළා.

රාජ්‍ය සේවකයින් විශාල පිරිසක් සිටින ආයතනවල නිලධාරින්ට ඒ සම්බන්ධයෙන් වැඩි වගකීමක් පැවරෙන බවයි ඔහු කියා සිටියේ.

Neth Sound · NALINDA 03

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම අදහස් පළ කළේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here