ඇමති නලින්ද  මල්වතු හා අස්ගිරි මහා නා හිමිවරුන් බැහැදකී

0
16


සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (16) රාජ්‍ය හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවයට සහභාගිවීමෙන් අනතුරු වමල්වතු හා අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.

මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වර්තමාන දේශපාලන තත්ත්වය, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් ක්‍රියාකාරීත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳව මහා නා හිමිවරු දැනුවත් කළා.

වසර 16 කට පසුව මෙරට පොදු ජනතාව වෙනුවෙන් පැවැත්වෙන විශේෂ දළදා දැක්ම මංගල්‍යයයේ පෙර සුදානම් කටයුතු සහ වෙසක්, පොසොන්, ඇසළ උත්සව කටයුතු පිළිබඳවද අමාත්‍යවරයා මහ නාහිමිවරුන් සමඟ අදහස් හුවමාරු කරගනු ලැබුවා.

මෙහි දී මල්වතු සහ අස්ගිරි මහා නා හිමිවරුන් පවසන ලද්දේ රජය සැලසුම් සහගත ව විශාල වැඩකොටසක් සිදු කරන බව පෙනී යන බවයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here