හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයෙකු සහ මාධ්‍ය අධිපතියෙකු මෙන්ම ජාත්‍යන්තර ඇඳුම් සන්නාමයක් වන ජියෝර්ඩානෝහි නිර්මාතෘ ජිමී ලායි විදේශීය බලවේග සමඟ හවුල් වීම සම්බන්ධයෙන් පුළුල් ජාතික ආරක්ෂක නීතියක් යටතේ වරදකරු වීමෙන් පසු වසර 20ක සිර දඬුවම් නියම වී තිබේ.
2020 දී පනවන ලද ආරක්ෂක නීතිය යටතේ අත්අඩංගුවට ගත් පළමු ප්‍රමුඛ පුද්ගලයින්ගෙන් කෙනෙකි ලායි.
දැනටමත් ඔහු, වසර පහකට වැඩි කාලයක් සිරගතව සිටින අතර විදේශීය කුමන්ත්‍රණ චෝදනා දෙකක් සහ රාජද්‍රෝහී ප්‍රකාශනයක් සම්බන්ධයෙන් දෙසැම්බර් මාසයේදී වැරදිකරු විය.
ජිමිලායිට එරෙහි චෝදනාවන් යටතේ, ඔහු විසින් හොංකොං සහ චීනයට සම්බාධක පැනවීම සඳහා විදේශීය රජයන්ට බලපෑම් කිරීමේ පුළුල් උත්සාහයක කොටසක් ලෙස ඔහුගේ දැන් අක්‍රියව ඇති ඇපල් ඩේලි පුවත්පත භාවිතා කළ බව අධිකරණය සොයා ගෙන ඇත.
ලායි 2019–2020 හොංකොං විරෝධතා අතරතුර අවස්ථා කිහිපයකදී එක්සත් ජනපද උප ජනාධිපති මයික් පෙන්ස්, රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් හමු වී හොංකොං සහ චීනයට සම්බාධක පැනවීම සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී සාකච්ඡා කර ඇති බව එරට අධිකරණය තහවුරු කරගෙන තිබේ.
ඒ අනුව, 2020 අගෝස්තු 10 වන දින හොංකොං පොලිසිය විසින් ප්‍රදේශයේ නව ජාතික ආරක්ෂක නීතිය උල්ලංඝනය කිරීමේ චෝදනා මත ලායි අත්අඩංගුවටගෙන ස්ටැන්ලි බන්ධනාගාරයේ හුදකලා සිරකඳවුරක සිරගත කර කරන ලද අතර ලායි තමාට එරෙහි සියලු චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.
Saru News








