අපිලිවෙල අල්මාරියක් ඔබේ මනස අවුල් කරනවා විතරක් නෙමෙයි හදිස්සියකට ඇඳුමක් හොයාගන්න ගියාම ඔබේ කාලයත් අපතේ යවනවා. ඔබව අවශ්‍ය වෙලාවට අවශ්‍ය ඇඳුම් ඉක්මනට අතට ගන්න පුලුවන් විදියේ අල්මාරියක් පවත්වාගෙන යන්නෙ කොහොමද ? ඇත්තටම ඒක හරිම ලේසි දෙයක්. අපි ඒ ගැන මේ ලිපියෙන් කතා කරමු
අල්මාරිය සැලසුම් කරගන්න කලින් ඔබ ඔබේ අල්මාරිය පිරිසිදු කරගන්න අවශ්‍ය වෙනවා. ඇඳුම් ඇතුලු සියලුම දේවල් අල්මාරියෙන් එලියට අරගෙන එහි ඇති ලාච්චු , තට්ටු සියල්ල තෙත රෙදි කැබැල්ලකින් පිරිසිදු කරගන්න.ඊට පස්සෙ ඔබට කපුරු වැනි සුවඳ ද්‍රව්‍යයක් භාවිතා කරන්න පුලුවන් අල්මාරිය කෘමීන්ගෙන් ආරක්ෂා වෙන්න.
ඔබ කවදා හෝ නැවත අඳින්න හිතාගෙන ,ඔබ කෙට්ටු උන දවසක අඳින්න හිතාගෙන ඇඳුම් ගබඩා කරගෙන ඉන්නවද? ඇත්තටම ඒක බොහොම නිශ්පල ක්‍රියාවක්. ඒ නිසා ඔබ ඔබේ අල්මාරියේ පිරුණු අනවශ්‍ය ඇඳුම් ඉවත් කරන්න.
ඔබට අවශ්‍ය වෙලාවට හොයාගන්න ලේසි වෙන විදියට අල්මාරිය සැලසුම් කරන්න නම් ඔබේ ඇඳුම් එක ගොඩේ අසුරලා හරියන්නෙ නම් නෑ. ඔබ ඔබේ ඇඳුම් වර්ග කරන්න ඕන. කොහොමද ඇඳුම් වර්ග කරන්නේ?
ඔබ නිවසට අඳින ඇඳුම් අල්මාරියේ ඔබේ ඇස් මට්ටමේ ඇති තට්ටුවෙන් පිලිවෙලට නවා තබන්න.එහිදි කොට කලිසම් ,ටීශට් ,සාය වෙන වෙනම තබන්න
ගෙදරට අඳින ඇඳුම් තට්ටුවට උඩින් කාර්‍යාලයට අඳින ඇඳුම් තවත් තට්ටුවක අසුරන්න.නැතිනම් එල්ලා තබන්න.මතක තබාගන්න මේවාත් ඔබට පහසුවෙන් ගත හැකි තට්ටුවකයි අසුරන්න ඕන. ඒ වගේම ඔබ කාර්‍යාලයට සාරි අඳිනවා නම් එක් එක් සාරියේ හැට්ටය සමඟ ඒවා එල්ලා තැබීමත් ඔබට කරන්න පුලුවන්
ඔබ ව්‍යායාම සඳහා භාවිතා කරන ඇඳුම් විශාල ප්‍රමාණයක් නොමැති නිසා ඒවා කුඩා තට්ටුවක අසුරන්න
විශේශ අවස්ථාවන් සඳහා අඳින ඇඳුම් වෙනම එල්ලා තැබීම වඩාත් සුදුසුයි.
යට ඇඳුම් වලට ලොකු ඉඩ ප්‍රමාණයක් නොයන නිසා ඒවා අල්මාරියේ ඇති තරමක ලොකු ලාච්චුවක පිලිවෙලට අසුරන්න ඔබට පුලුවන්
මේවා දිනපතා පාවිච්චි නොවෙන නිසා අල්මාරියේ උඩ තට්ටු වල අසුරන්න ඔබට පුලුවන්. ලොකු තුවා සිට කුඩා තුවා දක්වා එක උඩ එකත් , ඇඳ ඇතිරිලි වෙනමත් ඊට සමීපයෙන් ඒවායේ කොට්ට උරත් ඇසිරීමෙන් ඔබට අවශ්‍ය වෙලාවට ඒවා පහසුවෙන් හොයාගන්න පුලුවන්
මේ විදියට ඔබට ඇති හැම ඇඳුමක්ම වර්ග කරගන්න ඔබට පුලුවන්.ඒක ඔබට ලොකු පහසුවක්.අපි පුරුදු වෙලා ඉන්නෙ සාමාන්‍යයෙන් ඇඳුම් නවලා තියන්න.හැබැයි ඊට වඩා වෙනස් ක්‍රම වලටත් අපිට අපේ ඇඳුම් අසුරන්න පුලුවන් . එතකොට කොහොමද මේ හැම ඇඳුමක්ම අල්මාරියේ අසුරන්නේ? ඒ ගැනත් අපි කතා කරමු
ඔබට අල්මාරියේ වැඩි ඉඩක් අවශ්‍යද? එහෙනම් ඒ සඳහා ලාච්චු කට්ටලයක් භාවිතා කරන්න ඔබට පුලුවන්.මේ සඳහා දැල් කූඩ භාවිතා කිරීමෙන් ඔබේ ලාච්චුවල ඇතුලත දැකීම සහ ඔබ සොයන දේ හරියටම සොයා ගැනීම පහසු කරනවා
විවිධ වර්ගයේ ඇඳුම් පහසුවෙන් වර්ග කිරීමට හැන්ගර් ටැග්ස් ( hanger tags) ඔබට උදව් වෙනවා. එවිට ඔබ හොයන ඇඳුම ඉක්මනට හොයාගන්න පුලුවන්.
ඔබ එල්ලා තබන ඇඳුම් යට අමතර ඉඩක් තියනවා නම්, ඒ ඇඳුම් වලට යටින් තවත් ඇඳුම් එල්ලන පොල්ලක් සවි කරන්න. එතකොට අල්මාරියේ ඉඩ දෙගුණ කරගෙන තවත් ඇඳුම් එල්ලන්න ඔබට පුලුවන්
සෑම දෙයකටම ලේබල් එකතු කිරීමෙන් ඔබේ අල්මාරියේ ඇති සියලුම බඳුන්, පෙට්ටි හෝ කූඩ වල ඇති දේවල් පහසුවෙන් හොයාගන්න පුලුවන්
කුඩා උපාංග සහ යට ඇඳුම් අල්මාරියේ ලාච්චුවල අසුරන්න. නැතිනම් එල්ලා තැබූ ඇඳුම් යට ඉඩක් ඇත්නම් කුඩා පෙට්ටි හෝ කූඩ තබා ඒවා අසුරන්නත් පුලුවන්
ඔබේ අල්මාරියේ දොරේ පිටුපස ඔබේ බෙල්ට් , පසුම්බි, ස්වර්ණාභරණ, ස්කාෆ් හෝ වෙනත් උපාංග කුඩා කොකු මඟින් එල්ලා තබන්න පුලුවන්
පිළිවෙලට නැවුනු ඇඳුම් වලින් පිළිවෙල අල්මාරියක් ආරම්භ වෙනවා. ඔබ එල්ලා තබන්නේ නැති ඇඳුම් නිසි ලෙස නැවීමට මතක තබාගන්න.ඔබ ඒවා වැඩිපුර පිළිවෙලට තබා ගැනීමට බලාපොරොත්තු වන්නේ නම්, ප්ලාස්ටික් රෙදි නවන ෆෝල්ඩර ( plastic laundry foledrs ) භාවිතා කරන්න පුලුවන්
ඔබේ අල්මාරියේ දොරවල් නොමැති නම්, තිර රෙදි දෙකක් එල්ලා තැබීමෙන් ඇතුලත දේවල් ඉවතට නොපෙනී තබා ගන්න ඔබට පුලුවන් . අල්මාරිය අධික ලෙස පිරී තියෙනවා නම් දොරකට වඩා තිර රෙදි තිබීම ඔබට පහසුවක්
මාල, බෑග්, තොප්පි සහ වෙනත් උපාංග ගබඩා කිරීමේදි කුඩා කොකු ඔබට ප්‍රයෝජනවත් වෙයි.මෙසේ කිරිම ඔබේ අල්මාරියේ අල්මාරියේ අලංකාරයත් වැඩි කරනවා
ඔබේ අල්මාරියේ ඉඩ නිදහස් කිරීමට ඇති පහසුම හා හොඳම ක්‍රමය මෙයයි.ඔබ තවදුරටත් අඳින්නේ නැති හෝ අවශ්‍ය නොවන දේ ඉවත් කර එය ප්‍රයෝජනවත් වන කෙනෙකුට පරිත්‍යාග කරන්න
මේ විදියට ඔබේ අල්මාරිය ලස්සනට සහ ක්‍රමවත්ව සැලසුම් කරගන්න ඔබට දැන් පුලුවන්. හදිස්සියකට ඇඳුම් හොයාගන්න ඔබේ වටිනා කාලය අපතේ යවන්න දැන් ඔබට අවශ්‍ය වෙන්නෙ නෑ
Saru FM Media