ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් පිටියට සමුදීමට තීරණය කරයි

0
2


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වර්තමාන ජ්‍යේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයා වන ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා. 

සිය සමාජ මාධ්‍ය ගිණුම්වල සටහනක් තබමින් මැතිව්ස් පවසා ඇත්තේ එළඹෙන ජුනි මාසයේදී බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයෙන් පසු තමන් ටෙස්ට් පිටියට සමු දෙන බවයි. 

කෙසේවෙතත් සීමිත පන්දුවාර තරඟ සඳහා තම සහය කණ්ඩයමට අවශ්‍ය ඕනෑම අවස්ථාවක ලබා දීමට සූදානම් බවයි මැතිව්ස් පවසා ඇත්තේ. 

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 118කට ක්‍රීඩා කර ඇති ඇන්ජලෝ මැතිව්ස් ඉනිම 210කදී රැස් කරගෙන ඇති මුළු ලකුණු සංඛ්‍යාව 8,167ක්.  

ශතක 16ක් සහ අර්ධ ශතක 45ක් ඔහුගේ පිත්තෙන් වාර්තා වී තිබෙනවා. 

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් වාර්තා කර ඇති පිතිකරුවන් අතර මැතිව්ස්ට තුන් වන ස්ථානය හිමිව තිබෙනවා. 

වාර්තා කර ඇති සමස්ත ටෙස්ට් ලකුණු සංඛ්‍යාව අනුව ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් ඔහුට ඉහළින් සිටින්නේ කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන පමණයි.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here