ඇදහිය නොහැකි අමුතු පුරුදු ඇති බිලියනපතියෝ

0
12


විවිධ අංශවලින් සාර්ථක වී බිලියනපතියන් වූ අය ලෝකයේ බොහොමයක් ඉන්නවා. වාසනාව, හැකියාව, නොපසුබස්නා උත්සාහය වැනි කාරණා ගොඩක් ඔවුන්ගේ මේ සුවිශේෂී වත්කම් උදෙසා හේතු වන්නට ඇති. නමුත් බිලියනපතියන් වුණත් සාමාන්‍ය මිනිස්සු බව අපට මතක් කරන අමුතු පුරුදු ඔවුන්ට තිබෙනවා. අපි අද කතා කරන්නේ ඒ ගැනයි.

ඇපල් සමාගමේ නිර්මාතෲ වන ස්ටීව් ජොබ්ස් ශාකමය ආහාර ගැන විශේෂ සැලකිල්ලක් දක්වන බව කියවෙනවා. විශේෂයෙන් ඔහුට පිළිකා රෝගය වැළඳුණු කාලයේ ඔහු විවිධ යුෂ වර්ග සකසා පානය කළ බව සඳහන්. නමුත් පසු කාලීනව නම් ඔහු ඒ පිළිබඳ කණගාටු වූ බව අසන්නට ලැබෙනවා. කෙසේ වෙතත් ඔහු තව දුරටත් නැවුම් ආහාර පිළිබඳ විශ්වාස කරනවා.ඉතින් මසකට සතියක් දෙකක් කැරට් විතරක් ම කන්නට ඔහු තීරණය කරන්නේ මේ නිසා.

සංගීත ලෝකයේ දැවැන්තයා ලෙස හැඳින්වෙන බීතෝවන්ගේ අමුතු පුරුද්ද කෝපි සම්බන්ධවයි. බොහෝ දෙනා කෝපි එකක් පානය කර දවස ආරම්භ කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් බීතෝවන්ගේ මේ කෝපි බීමේ පුරුද්ද තරමක් වෙනස්. ඔහු දිනපතා ගණන් කර කෝපි ඇට හැටක් ගෙන එයින් කෝපි සාදාගත් බව තමයි සඳහන් වන්නේ.

ෂිගේරු කියන්නේ සුප්‍රසිද්ධ වීඩියෝ ක්‍රීඩා නිර්මාපකයෙක්. ඔහුගේ අමුතු පුරුද්ද ඇසුවොත් ඔබ පවා පුදුම වෙනවා නියතයි. ඔහු සෑම අවස්ථාවක ම, සාමාන්‍ය ජීවිතයේ හමුවන විවිධ දේවල් පවා එහි ප්‍රමාණය අනුමාන කොට ටේප් එකක් රැගෙන මැන බලන බව සඳහන්. මේ ටේප් එක ඔහු යන සෑම තැනකම ගෙන යන බව කියවෙනවා.

ජෝන් බ්‍රිතාන්‍යයේ ප්‍රකට බිලියනපතියෙක්. ඔහුට ඇත්තේ මුදල් ඉතිරිකිරීම පිළිබඳ අමුතු පුරුද්දක්. ඔහු සෑම උදෑසනක ම කාර්‍යාලයට කිලෝමීටර් 23ක් පාපැදියෙන් යනවා. ඒ වගේ ම ඔහුගේ කොණ්ඩය කපා ගන්නේත් ඔහු විසින් මයි. ඔහුගේ ධනයට සාපේක්ෂව මේ කාරණා දෙකට ම ඉතා කුඩා වියදමක් ගියත්, ඔහු ඒවා කරන්නේ මුදල් ඉතිරි කිරීමට බවයි කියවෙන්නේ.

සුප්‍රසිද්ධ IKEA ව්‍යාපාරයේ නිර්මාතෘ මොහු යි. Ingvar පදවන්නේ වසර 15ක් පරණ Volvo රථයක්. ඒ වගේ ම ඔහු තරුපහේ හෝටල් මග හැර ඉතා සාමාන්‍ය අඩු වියදම් රෙස්ටොරන්ට් වලින් ආහාර ගන්නා බව සඳහන් වනවා.

ඇත්තට ම පුදුම හිතෙන මේ පුරුදුවලින් කියවෙන්නේ කොතරම් වත්කම් තිබුණද ඔවුන් ද සාමාන්‍ය මිනිසුන් මෙන් ම විවිධාකාර අමුතු ආසාවන් ඇති පුද්ගලයින් බවයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here