ගලෙන්බිදුනුවැව මොරගොඩ හල්මිල්ලෑව නාමල්පුර ප්‍රදේශයේ පිහිටි තම හේනේ සඟවා තබාගෙන සිටි අඩියක් පමණ දිගින් යුත් ඇත්දළ යුගලක් සමග විශ්‍රාමික යුද හමුදා භටයෙකු මොරගොඩ පොලීසිය විසින් ඊයේ (14දා) පෙරවරුවේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
මොරගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව සැකකරු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු පනස් එක් හැවිරිදි සැකකරු හල්මිල්ලෑව නාමල්පුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරුට අයත් බඩ ඉරිගු වගාකිරිමට බිම් සකස් කරන ලද හේන් ඉඩමක රොඩු ගොඩක් තුළ සගවා තිබියදී පොලීසිය සිදු කළ වැටලීමකදී සැකකරු සහ ඇත් දළ යුගල අත් අඩංගුවට ගෙන තිබේ.
Saru FM Media