සමගි ජන බලවේගයට අමතරව, විපක්ෂයේ සිටින ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන්ට පවා පවතින දේශපාලන තත්වය පිළිබඳ සත්‍ය තොරතුරු හෙළි කිරීම සජිත් ප්‍රේමදාසගේ විශේෂ කල්ලියකගේ ප්‍රහාරයට හේතු වී තිබේ.
එලෙස එල්ල කළ නවතම ප්‍රහාරය සජිත් ප්‍රේමදාසගේ සමීපතමයෙකු වන චරිත් අබේසිංහ විසින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාට එල්ල කර ඇත. යූටියුබ් නාලිකාවක සාකච්ඡාවකට එක් වූ චරිත් අබේසිංහ හර්ෂ ද සිල්වාට එරෙහිව නිශ්චිත කරුණු දෙකක් එල්ල කර ප්‍රහාරයක් එල්ල කර තිබේ. වත්මන් ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව මහා භාණ්ඩාගාරය උතුරා යන තරමට මහජන මුදල් ඉතිරි කර ඇති බව පසුගිය අයවැයි විවාදයේ දී ප්‍රකාශ කිරීම සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැකි ඉක්මනින් ක්‍රියාත්මක කර ලෙස ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් එලෙස දැඩි විවේචන එල්ල කර තිබේ.
චරිත් අබේසිංහ, හර්ෂ ද සිල්වාට ප්‍රහාර එල්ල කළ ද පසුගිය සතියේ විශේෂ වීඩියෝවක් නිකුත් කළ සජිත් ප්‍රේමදාස අවධාරණය කර තිබුණේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉක්මනින් ක්‍රියාත්මක කරන ලෙසට ය. මෙයට පෙර අවස්ථාවක සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර යොදවා ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රී ශ්‍රීධරන්ට ප්‍රහාර එල්ල කර තිබිණි.
1
Saru News










