ඇත්තටම එයා ඔයාට ආදරේ කරනවද ? 

0
19


“ඔබේ දෙනුවන් මැවුම්කාරයි

මගේ හැඟුමන් පෙමින් පායයි

ආදරේ නම් මේ දැනෙන්නේ

මදහාසයෙන් මුව සැරසේවි”

ඇත්තටම ආදරේනම් දෙතොල සිනහවකට ඉඩ දෙනවද?

මං මේ ප්‍රශ්නෙ මගෙන්ම අහපු වෙලාවල් ඕන තරම් තියෙනව. සමහරවිට ඔයාටත් එහෙම වෙන්නැති. අපි ආදරේ කරන අයව දැක්කම, හමු උනාම සුන්දර සිනාවක් දෙතොල් අස්සට එන එක වලක්වගන්න පහසු නෑ. ඒත් කෙනෙක් අපිට ඇත්තටම ආදරෙයි කියල අපි දැනගන්නෙ කොහොමද?

සරලවම කිව්වොත් ඔයා මහමෙරක් ආදරය කරන එයා ඔයාට ආදරෙයිද කියල දැනගන්නෙ කොහොමද?

ඒ ප්‍රශ්නෙ ටිකක් බරපතල ප්‍රශ්නයක්. ඒත් එයා ආදරේද නැද්ද කියල හොයාගන්න උදව් කරන ටිප්ස් කීපයක් ඔන්න අපි ලඟ තියෙනව. අපි අද බලමු ඒ මොනවද කියල.

ආදරේ කියන්නෙ “මම ඔයාට ආදරෙයි” කියල කියනවට වඩා ගොඩක් දුර ඇදුන දෙයක්නෙ. ආදරය කියන්න සහ පෙන්නන්න වචනම නෙවෙයි හැමතිස්සෙම කෙනෙක් උපයෝගි කරගන්නෙ. සමහරවෙලාවට එයා වචනයෙන් ආදරෙයි කියනකම් ඔයා බලාගෙන ඉද්දි එයා වෙන වෙන විදිවලින් ඔයාට ආදරය පෙන්නනව වෙන්න පුලුවන්.

එයා ඔයාට ආදරය කරන බව අඟවන ලක්ෂණ 10ක් තියෙනවලු.

අපි කෙනෙක්ට ආදරය කරනව කියන්නෙ එයාව සහමුලින්ම එයා විදියටම පිලිගන්නවා කියන එක. සමහරවෙලාවට ඔයා මොනතරම් තරහ යන කෙනෙක් උනත් එයා ඒ හැම වෙලාවකම බොහොම ආදරයෙන් කරුණාවෙන් ඔයාව දරාගන්නවනම් එයා ඔයාට ආදරය කරනව කියල තේරුම්ගන්න අමුතුවෙන් මහන්සි වෙන්න ඕන නැ. එයා ඔයාගෙ ප්‍රශ්න, වැරදි අඩුපාඩු ලඟ මුකුත් නොකිය ඉන්නවනම්, ඔයාව තේරුම්ගන්න උත්සහ කරනවනම්, ඔයාට උදව් කරනවනම් ඒ ආදරය නිසා බව කියල අපිට හිතන්න පුලුවන්.

කෙනෙක් ඔයාට අවංකවම ආදරය කරනවනම් එයා ඔයාව හම්බුවුන දවසෙ ජීවිතේ ඉස්සරහට ගෙවෙන හැම දවසක්ම ප්ලෑන් කරන්නෙ ඔයාව ඔලුවෙ තියාගෙන. ඔයාවත් එයාගෙ ජීවිතයේ කොටස්කාරයෙක් කරගෙන. ඉතින් ඔයාගෙ ආදරවන්තය ඔයත් එක්ක අනාගතයේ ගැන එයාට තියෙන බලාපොරොත්තු බෙදා හදාගන්නවානම් ඒකත් එක ලකුණත් එයා ඔයාට ආදරය කරන බව තේරුම්ගන්න.

මොකද කිසිම වෙලාවක අපි අකමැති කෙනෙක් එක්ක අපේ ජීවිතේ ඉස්සරහට ගෙනියන්න ප්ලෑන් කරන්නෙ නෑනෙ නේද?

ඔයාගෙ ජීවිතේ මූණ දෙන්න වෙන ප්‍රශ්න කරදර වලදිත් “අපි දෙන්නම එකතුවෙලා මේක විසඳගමු” කියල කෙනෙක් කියනවනම් ඒ ඇත්තටම එයා ඔයාට ආදරේ නිසා. නැත්තම් මොකටද එයා ඔයාගෙ ප්‍රශ්න කරදර ඔලුවට දාගන්නෙ?

කෙනෙක් ඔයාට ඇත්තටම ආදරේ නම් එයා හරියට මහන්සි වෙනව ඔයාව සතුටෙන් තියන්න. සතුටෙන් ඉන්න ඔයාට හේතුවන ඔයාගෙ ඉලක්ක සහ අරමුණු වලට යන්න එයා ඔයාට උදව් කරන්නෙ ඔයාට ආදරේ හන්දා.

කෙනෙක් ඔයාට ඇත්තටම ආදරය කරනවානම් එයා යාගෙ දුක සතුට ප්‍රශ්න කරදර කියන හැමදේම හොඳින් තේරුම්ගන්නවා. ඒ හැම මොහොතකටම හැම දේකටම එයා අවධානය දෙනව. ඔයා ගැන අවධානයෙන් එයා ඉන්නෙ. එහෙම කරන්නෙ ආදරේ නිසා. ඔයාගෙ පුංචිම පුංචි වෙනසක් උනත් එයා හොඳින් තේරුම් ගන්නව. ඒවට අවධානය වෙනව. ඇයි කියල අහනව.

එයා කිසිම දවසක ඔයාට ප්‍රශ්නවලට තනියෙන් මූන දෙන්න ඉඩ දෙන්නෙ නෑ. එයත් ඔයා එක්කම ඒ ප්‍රශ්න වලට මූන දෙන්න ඉන්නව. හැම මොහොතකම ඔයාට එහා පැත්තෙන් හිටගෙන එයා ඔයාගෙ ජීවිතේ ඉස්සරහට යන්න ඔයාට සම්පූර්ණ සහයෝගය දෙනව. ආදරය කරනව කියන එකත් එක්තරා විදියට අභියෝගාත්මක අවදානමක්නෙ. ඒ උනාට ඔයා වෙනුවෙන් එයා ඒ අභියෝගාත්මක අවදානම ආදරයෙන් බලපානවා.

එයාගෙ ජීවිතේ මුල් තැන ඔයාට ලැබෙනවනම්, දෙයක් කරන්න කලින් එයා ඔයා එක්ක කතා බස් කරනවනම් ඔයා ගැන හිතනවනම් ඒ ආදරය නිසා කියල අපිට සලකන්න පුලුවන්.

එයා ඔයාව අගය කරනව, ඔයා ගැන අවධානය දෙනවා, ප්‍රමුඛත්වය දෙනවා.

ඒ වගේම ඔයාගෙ ජීවිතේ අරමුණු දිනාගත්ත තැන්වලදි එයා අවංකවම ඔයා ගැන සතුටු වෙනවා ආඩම්බර වෙනවා.

එයාට ඔයාව දකින්න, බලන්න එන්න හේතුවක් අමුතුවෙන් එන්න ඕන නෑ. එයා ආසයි ඔයා එක්ක කාලෙ ගෙවන්න. ඔයාව දකින්න, ඔයා එක්ක කතාකරන්න. ඔයා හොඳින්ද ඉන්නෙ කියල දැනගන්න. නිකන්ම නිකන් ටෙක්ස්ට් මැසේජ් එකක් දාලා බලනවට වඩා ඔයාගෙ කටහඬ අහන්න. ඊටත් එහා ගිහින් ඔයාගෙ මූණ බලන්න, ඔයා හොඳින් බව සැකහැර දැනගන්න එයා කැමතියි.

එයා කවදාවත් ඔයාගෙ අදහස් දෙවනි තැනට දාන්නෙ නෑ. අපහාස කරන්නෙ නෑ. “ඔයා දන්නවද අනේ මේව ගැන” කියල කිණ්ඩි ටෝක් දාන්නෙ නෑ. ඔයා කියන දේවල්, ඔයාගෙ අදහස් වලට එයා ගරු කරනව. ඒව ඇත්තටම හොඳ දේවල් නම් එයා ඒව ක්‍රියාවට නංවනවා. වැරදි තියෙනවනම් ඔයාගෙ හිත නොරිදෙන්න ඔයාට ඒව කියල දෙනවා.

කොටින්ම කිව්වොත් එයා ආදරය නිසාම ඔයාට හොඳින් සවන් දෙනවා. ගරු කරනවා.

කෙනෙක් ලේසියෙන් තමන්ගෙ කම්ෆර්ට් සෝන් එකෙන් එලියට එන්නෙ නෑනෙ. අපි එහෙම කරනවනම් කරන්නෙ අපි අවංකවම ගොඩක් ආදරය කරන කෙනෙක් වෙනුවෙන් විතරයි. ඉතින් ඔයාට එයාගෙ උදව්ව ඕන වෙලාවට එයා එයාගෙ කම්ෆර්ට් සෝන් එකෙන් එලියට ඇවිල්ල ඔයාට උදව් කරන්න ලෑස්ති නම් ඒකෙ අදහස එයා ඇත්තටම ඔයා ගැන කෙයාර් කරනව, ඔයාට ආදරය කරනව කියන එක තමයි.

සමහර මිනිස්සු එක්ක ඉන්න හරි අමාරුයිනෙ. අපි අනිත් මිනිස්සු එක්ක ඉන්න අමාරුයි වගෙ දකිද්දි කෙනෙක්ට අපි එක්ක ඉන්න එක අමාරුයි වගේ පේන්න පුලුවන්. ඒත් ඔයා මොන වගේ කෙනෙක් උනත් එයා ඔයාව තේරුම් අරගෙන මේ ගමන එකට යන්න සූදානම් නම් ඒ කියන්නෙ එයා ඔයාට ඇත්තටම ආදරය කරන බව. එයා ඔයාව තේරුම් ගන්න උත්සහ කරන්නෙත් ඔයාට තියෙන ආදරය නිසාම බව.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here