ආහාරයට පෙර පළතුරු සහ එළවළුවල ඇති විශ රසායනිකයන් ඉවත් කිරීමේ ක්‍රම

0
10


අපි ආහාරයට ගන්නා පළතුරු සහ එළවළුවල පළිබෝධනාශක තිබෙන්න පුළුවන්. ඒවා ප්‍රධාන වශයෙන් භෝග වගා කිරීමේදී භාවිතා කරන ඒවා වන අතර සමහර අවස්ථාවල අපද්‍රව්‍ය ලෙසද ආහාරවලට එක් වන්න පුළුවන් . මෑත කාලීනව සිදු කළ බොහෝ පර්යේෂණ තුළින් එළවළු හා පළතුරු තුළ පිළිගත නොහැකි තරම් ඉහළ පළිබෝධනාශක ඇති බව සොයා ගෙන තිබෙනවා.එම නිසා අප ආහාරයට ගන්නා එළවළු සහ පළතුරු විෂ ඉවත්වන ආකාරයට පිරිසිදු
කිරීම ඉතාම වැදගත් වනවා.

ඔබ ආහාරයට ගන්නා එළවළු සහ පළතුරු නිවැරදිව පිරිසිදු කර ගන්න නිවසේදී අනුගමනය කළ හැකි සරල ක්‍රම ගැනයි අද අපි කියන්න යන්නේ

එළවළු සහ පළතුරු ආහාරයට ගැනීමට පෙර ඒවා නිවැරදිව සේදිය යුතු වනවා. ලුණු වතුරෙන් සේදීම මගින් එළවළු සහ පළතුරු මතුපිට සාමාන්‍යයෙන් දිස්වන ස්පර්ශක පළිබෝධනාශක අපද්‍රව්‍ය බොහොමයක් ඉවත් වනවා.

පළිබෝධනාශක අපද්‍රව්‍යවලින් සියයට 75 ත් 80 ත් අතර ප්‍රමාණයක් සීතල වතුරෙන් සේදීම මගින් ඉවත් වනවා. ඒ අනුව එළවලු සහ පළතුරු සීතල වතුරෙන් සෝදා ආහාරයට ගැනීම විශ ඉවත් කර ගන්න පුළුවන් ඉතා හොඳ ක්‍රමයක්.

විනාකිරි ස්වල්පයක් ජලයට මිශ්‍ර කර එම ජලයෙන් පළතුරු සහ එළවලු සේදීම මගින් ඉතා හොඳින් විෂ ඉවත් කර ගන්න පුළුවන්.

බේකින් සෝඩා ස්වල්පයක් ගෙන ජලයට මිශ්‍ර කර එම ජලයේ එළවලු සහ පලතුරු විනාඩි 12-15 අතර කාලයක් තබා ඉන්පසු සමනය ජලයෙන් සෝදා හරින්න.එය එළවලු අහ පළතුරුවල විෂ ඉවත් කිරීමට ඇති ඉතා කදිම ක්‍රමයක්

ආහාර තුළ පවතින පළිබෝධනාශක ඉවත් කළ හැකි තවත් සරල ක්‍රමයක් වන්නේ ඒවායේ පොත්ත ඉවත් කර ආහාරයට ගැනීමයි.නමුත් මෙහි පවතින අවාසිය වන්නේ සමහර එළවලු පළතුරුවල පොත්තෙහි පෝෂණයක් අඩංගු බැවින් එය ඉවත් කිරීම හරහා පෝෂණීය ගුණයට හානි වීම සිදු විය හැකි වීමයි.

ඔබේ පළතුරු සහ එළවළු සෝදා වියළුණු පසු ඒවා ශීතකරණයේ ගබඩා කරන්න.එමගිනුත් සුළු මට්ටමකින් වුවද ඔබේ ආහාරවල යම් විශ තත්ත්වයක් ඇත්නම් ඒවා විනාශ වීමක් සිදු වනවා.

දැනටමත් පිරිසිදු කර ඇති බවට ලේබල් කර ඇති පෙර ඇසුරුම් කළ එළවළු හෝ සුලු කෑම මිශ්‍රණයක් නැවත සේදීමට අවශ්‍ය නොවේ.

පළතුරු සහ එළවළු සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක පදනමයි. හැකිතාක් පළිබෝධනාශක විෂ නිවැරදිව ඉවත් කිරීමෙන් පසුව පමණක් එළවලු සහ පළතුරු ආහාරයට ගැනීම ඉතාම වැදගත්.එබැවින් ඉහත සරල ක්‍රම ඔබත් අද සිටම අනුගමනය කරන්න.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here