වයස අවුරුදු 18 න් පහළ ආසියා යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට මේ වන විට හැකි වී තිබෙනවා.
සෞදි අරාබියේ පැවැත් වෙන මෙම තරගාවලියේ බාලිකා මීටර් 100 ඉසව්ව නියෝජනය කළ ධනංජනා සෙව්මිනී ප්‍රනාන්දු රිදී පදක්කම දිනාගත්තා.
ඇයට ගත වූ කාලය තත්ත්පර එකොලහයි දශම නවයයි දෙකක්.
මෙහි රන්පදක්කම චීනයටත් ලෝකඩ පදක්කම ඉන්දියාවටත් හිමි වුණා.
මීටර් 1500 තරග ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ලහිරු අචින්ත සමත් වුණා.
ඔහුට තරය නිමා කිරීමට විනාඩි තුනයි තත්ත්පර පනස් නවයයි යි දශම හතරයි හතක කාලයක් ගත වී තිබෙනවා.
මෙහි රන් පදක්කම කටාර් රාජ්‍යය දිනාගත් අතර රිදී පදක්කම ලෙබනන් ක්‍රීඩකයා හිමිකර ගත්තා.
ජනිත් ලක්ෂාන් මීටර් 15.10 ක දක්ෂතාවක් සටහන් කරමින් මෙවර ආසියනු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ වයස අවුරුදු 18 න් පහළ තුන්පිම්ම බාලක ඉසව්වේ රිදී පදක්කම දිනාගත්තා.
Saru FM Media