ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 100 ක මූල්‍යධාර පැකේජයක්  

0
10

ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක මූල්‍යධාර පැකේජයක්  අනුමත කර ඇත.

ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය කරා යන ගමනේ  ප්‍රගතිය ගොඩනැගීමට සහ ආර්ථික අර්බුදයෙන් පසු තිරසාර වර්ධනයක් අත්කර ගැනීමට උපකාර කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් මේ මූල්‍යධාර පැකේජයක ලබාදෙනු ලබයි.

රාජ්‍ය වියදම් කළමනාකරණය ශක්තිමත් කිරීම, ආදායම් බලමුළු ගැන්වීම වැඩිදියුණු කිරීම සහ පෞද්ගලික අංශයේ සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීම මගින් මෙය සිදු කිරීමට අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකාවේ මූල්‍ය පාලනය ශක්තිමත් කිරීම සහ වඩාත් කාර්යක්ෂම, වගවීම සහ ඔරොත්තු දෙන රාජ්‍ය අංශයක් ගොඩනැගීම මගින් සාර්ව ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීමට සහ සියලු දෙනාගේ සහහාගිත්වය සහිත තිරසාර වර්ධනයක් ප්‍රවර්ධනය කිරීමට රජය සමඟ සමීපව කටයුතු කරන බව ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ ටකෆුමි කඩෝනෝ මහතා පවසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here