ආසියානු සංවර්ධන බැංකුවෙන් 2025 දී ඩොලර් මිලියන 790 ක්

0
6

මේ වසරේ(2025) දී ආසියානු සංවර්ධන බැංකුව විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 790 ක මුල්‍යාධාර ප්‍රමානයක් ලබාදීමට සැලසුම් කර ඇතැයි ආසියානු සංවර්ධන බැංකුවෙ ශ්‍රී ලංකාවේ නේවාසික අධ්‍යක්ෂ ටකෆුමි කඩොනො මහතා පැවසීය.
වව්නියාවේ සිදු කළ ආසියානු සංවර්ධන බැංකුවේආධාර ලබන ව්‍යාපෘති නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් සිටියදී ‘දිවයින’ කළ විමසුමකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කීවේය.
මේ අතරින් ඇමෙරිකානු ඩොලර් මිලියන 370 ක් රජයට ප්‍රතිපත්ති පදනම් කරගත් නය වැඩසටන් හතරක් හරහා අයවැය මුල්‍යකරනය වෙනුවෙන් ලබාදෙන බව ද කඩොනො මහතා කියා සිටියේය.
එසේම මේ වන විට ආසියානු සංවර්ධන බැංකුවේ අධාර ලබන අමෙරිකානු ඩොලර් බිලියන 2.95 ක් වටිනා ව්‍යාපෘති ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙමින් තිබෙන බවද ඔහු කියා සිටියේය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත වව්නියාවේ සිට

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here