ආසියානු කලාපයේ ප්‍රධාන කොටස් වෙළෙඳපොළ රැසක් අද (07), තෙවැනි දිනටත් කැපී පෙනෙන ලෙස කඩා වැටී තිබෙනවා.
ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් පරිපාලනය හඳුන්වාදුන් තීරුබදුවල අහිතකර බලපෑම් හේතුවෙන් මෙය සිදුවන බවයි වාර්තා වෙන්නේ.
අද (07) පස්වරු 1.04ට The Spectator Index නිකුත් කළ තොරතුරුවලට අනුව,
ජපානයේ කොටස් වෙළෙඳපොළ 9.5%ක කඩා වැටීමකට ලක්ව තිබූ අතර හොංකොං කොටස් වෙළෙඳපොළ 13.6%ක කඩා වැටීමකට ලක්ව තිබුණා.
තායිවාන කොටස් වෙළෙඳපොළ ද 9.6%ක කඩා වැටීමක් පෙන්නුම් කළා.
සිංගප්පූරු කොටස් වෙළෙඳපොළ 8%ක පසුබෑමකට ලක්ව තිබුණා.
මධ්‍යම චීනයේ ෂැංහයි කොටස් වෙළෙඳපොළ 7ක% කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.
මීට අමතරව ඉන්දියාවේ කොටස් වෙළෙඳපොළ 4.1%කින් පහළ ගොස් තිබුණා.
ලොවපුරා තවත් වෙළෙඳපොළ සියල්ලම පාහේ අද (07) දිනයේ දැක්වුණේ සැලකිය යුතු පසුබෑමක්.
මේ අතර ශ්‍රී ලංකාවේ කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු මිනිත්තු 30ක කාලයක් සඳහා අද (07) පෙරවරුවේ දී අත්හිටුවා තිබුණා.
මීට හේතු වූයේ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකයක් වන S&P SL20 දර්ශකය, පූර්ව ගනුදෙනු පෙර දිනයට සාපේක්ෂව 5%ක ප්‍රමාණයක් ඉක්මවා පහළ ගොස් තිබීමයි.
Saru FM Media