නිවසක අලංකාරය එහි තිබෙන විවිධ වටිනාකම් එක්රැස් කරන භාණ්ඩවලින්ම තක්සේරු කරන්න බැහැ. මොනතරම් වටිනාකම් ප්‍රදර්ශනය වුනත් දූවිලි වලින් පිරුන පරිසරයක් වුනොත් එයින් ඔබට පමණක් නොව නිවසේ නිවැසියන්ටත්, දරුවන්ටත් ඇති විය හැකි ආසාත්මිකතා රෝග ගැන දෙමව්පියන් විදිහට ඔබත් දැනුවත්ව සිටියොත් වඩාත් අගෙයි.
දූවිලි නැති නිවසක් ගැන ප්‍රායෝගිකව හිතන්න නම් ටිකක් අපහසුයි. ඒත් දූවිලි නිසා ඇති වෙන අවදානම ගැන දැන හිටියොත් අපහසුවෙන් වුනත් නිවසේ ජීවත්වෙන අයගේ සුව පහසුව ගැන දෙමව්පියන් විදිහට ඔබ වඩාත් උනන්දු වේවි.
දණගාන, හිටවැටෙන පුංචි පැටව් සිටින නිවසක නම් මේ තත්වය බොහොම බරපතලයි. හැමතැනම දණගාන, බඩගාන ඔවුන් දූවිල්ලට නිරාවරණය වීම වැඩියි. ඒ නිසා නිතරම පුංචි පැටවුන්ට ආසාත්මික රෝග වැලඳෙන්න තිබෙන අවදානමත් ඉහලයි.
ආසාත්මිකතාවයන් කියන්නේ මොනවාද..?
දූවිලි තුළ අපට නොපෙනෙන අපිරිසිදු ද්‍රව්‍ය අන්තර්ගතයි. ඒවා ඉතාම සියුම් නිසා ශ්වසනය ඔස්සේ නාසය , පෙනහලු කරා ඇතුලු වෙනවා. පුංචි පැටියා නිතරම කැස්ස, හෙම්බිරිස්සාව, සොටු දියර ගැලීම වගේම උගුරේ අපහසුතාවයන්ගෙන් පසු වෙනවා නම් අම්මලා නිවසේ දූවිලි තත්වය ගැනත් දැනටත් වඩා උනන්දු වුනොත් හොදයි.
පුංචි අයට විතරක් නොවෙයි…වැඩිහිටියන්ටත් දූවිලි අපලයි.
ලෙඩරෝග වලට ලොකු පුංචි වෙනසට වඩා බලපාන්නේ ශරීර ප්‍රතිශක්තියයි. ඒ කියන්නේ සමහර අයගේ සිරුර රෝගාබාධයන්ගෙන් වැලකී සිටින හැකියාව එහෙම නැත්නම් ප්‍රතිශක්තියෙන් යුක්ත නිසා ඔරොත්තු දීගෙන සිටියත් සමහර වැඩිහිටියන්ටත් මේ වාසනාව නැහැ. ඒ වගේ උදවිය බොහොම ඉක්මනින් දූවිලි නිසා විවිධ ආසාත්මිකතාවයන්ට ගොදුරු වීමේ ඉඩ කඩ යහමින් තිබෙනවා.
ලක්ෂ බාගයක් දීලා ගත්තේ..
දූවිලි නිසා ඔබේ වටිනා ගෘහ භාණ්ඩ වගේම වෙනත් විද්්‍යුත් උපාංගත් අපිරිසිදු වීම, ක්‍රියාවිරහිත වීම වගේම පාවිච්චියට නොගැලපෙන විදිහට නිරපරාදේ නාස්ති වෙන්න පුලුවනි. ලක්ෂ බාගයක් දීලා සොෆා සැටියක් ගත්තත් දූවිලි වලින් අපිරිසිදු වුනොත් එය සාලයට නොගැලපෙන තත්වයට පත් වෙන්න පුලුවන්. ඒ නිසා නිතරම දූවිලි ගැනත් විමසිලි ඇසින් සිටීම වැදගත්.
දූවිලි නැති පරිසරයක් ගැන…
එහෙමනම් පුංචි පැටියයි, පවුලේ උදවියයි විතරක් නොවෙයි, නිවසේ බඩු භාන්ඩවලටත් කරදර පමුණුවන දූවිලි නැති පරසරයක් ගොඩ නගා ගැනීම ගැන උනන්දුවෙන් කටයුතු කළොත් කවදාවත් වරදින්නේ නැහැ.
Saru FM Media