රෂිකා හෙන්නායක අප්‍රේල් 08 කොළඹ LNW :
ඔබේ ජීවිතය සෞඛ්‍ය සම්පන්න එකක් බවට පත්කර ගැනීම සඳහා ඔබට හුරුවිය හැකි පුරුදු බොහොමයක් තිබෙනවා.
මේවා සියල්ල එකවරම ජීවිතයට එකතු කරගන්නට නම් බැරි වේවි.
නමුත්, ඔබ පියවරෙන් පියවර ක්‍රමානුකූලව මේවා ජීවිතයට එකතු කර ගැනීමෙන් ඔබේ ජීවිතය සෞඛ්‍ය සම්පන්න සහ ඵලදායි එකක් බවට පත් කරගන්නට ඔබට හැකියාව තියෙනවා.
කලයුතු වන්නේ ඉතා සරළ පහසු ක්‍රියාකාරකම් ටිකක් පමණයි.
ඇවිදින්න
දිනකට පියවර දහදාහක් ඇවිදින්න ඔබට පුළුවන්ද ? යමක් ක්‍රමයෙන් පුරුදු විය හැකි මේ පුරුද්ද ඔබ දිගටම කරගෙන ගියොත් ඔබට ලබා ගන්න පුළුවන් සෞඛ්‍යමය ප්‍රතිලාභ බොහොමයක් තියෙනවා. ඔබේ බර නිසි ලෙස පවත්වාගෙන යන්න වගේම ශරීරයේ අනවශ්‍ය බර වැඩිවීම වළක්වා ගන්නත් , ශරීරය සෞඛ්‍ය සම්පන්නව පවත්වාගෙන යන්නත් ඔබට මෙයින් හැකියාව ලැබෙනවා.
ව්‍යායාම කරන්න
සතියේ දින හතෙන් දින පහක් වත් ඉතා හොඳ ව්‍යායාම රටාවකට හුරු වීම ඔබට හැම අතින්ම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ලබා දෙනවා. මෙසේ ව්‍යායාම කිරීමෙන් ඔබේ මාංශ පේශීන් ශක්තිමත් වීම , ශරීරයේ ක්‍රියාශීලීත්වය වැඩි වීම සහ බර පාලනය වීම සිදු වෙනවා.
නිදාගන්න
Saru FM Media