ආර්ථික සබඳතා ශක්තිමත් කරගැනීමට ජනාධිපති ෂී ජින්පිං අග්නිදිග ආසියාවේ සංචාරයක

0
11


සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකාව සමඟ පවතින වෙළඳ යුද්ධය අතරතුර චීන ජනාධිපති ෂී ජින්පිං සිය ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් අග්නිදිග ආසියාවේ සංචාරයක නිරත වන බව වාර්තා වේ.

ඒ අනුව, මැලේසියාව සහ කාම්බෝජය වෙත යාමට පෙර ජනාධිපති ෂී ජින්පිං අද(14) වියට්නාමයට පැමිනීමට නියමිතය.

ඇමරිකා එක්සත් ජනපදය විසින් චීනයට පනවා ඇති 145% ක තීරුබදු පැනවීමත් ඊට සාපේක්ෂව චීනය ඇමරිකානු අපනයන සඳහා 125%ක බැදී පැනවීමත් හේතුවෙන් අග්නිදිග ආසියාවේ අපනයන වෙළඳපොළ දැඩි ලෙස කැළඹීමට ලක්ව ඇත.

නිෂ්පාදන බලාගාරයක් වන වියට්නාමය සහ ඇඟලුම් සහ පාවහන් අංශය ආර්ථිකයට තීරණාත්මක වන කාම්බෝජය, පිළිවෙලින් 46% සහ 49% ලෙස නියම කර ඇති එක්සත් ජනපද තීරුබදු මගින් දරුණුතම බලපෑමට ලක් වූ රටවල් අතර වේ.

චීන ජනාධිපතිවරයාගේ මෙම සංචාරය තුලදී දුම්රිය ජාලය සංවර්ධනය කිරීම සඳහා ආයෝජන සහ සහයෝගීතා විධිවිධාන ඇතුළුව ගිවිසුම් රැසක් ඇතිකර ගැනීමට සැලසුම්කර තිබේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here