අපි හැමෝම කැමතියි අපේ රූපය ලස්සනට පවත්වාගෙන යන්න. ඒ වෙනුවෙන් අද නොකරන දෙයක් නැති තරම්. ඈත අතීතයේ පටන් විශේෂයෙන් කාන්තා පාර්ශ්වය බාහිර අලංකරණය සඳහා විවිධ ක‍්‍රමෝපායන් භාවිත කර තිබෙනවා. උදාහරණයක් ලෙස කුංකුම, චන්දන ආදී ඖෂධ ද්‍රව්‍ය ඇඟ ගැල්වීම, ධූම වර්ග භාවිතය, ඖෂධීය ජල ස්නානය, වර්ණකාරක ලේප ආලේප යනාදිය ඒ අතරට අයත් වෙනවා. ඒත් අද වන විට බාහිර අලංකරණය වැඩි දියුණු කිරීමට ශරීරයට හානිකර වූ කෘතිම රසායනික ද්‍රව්‍ය අඩංගු ක‍්‍රම භාවිතයට යොමු වීම නම් කණගාටුවට කරුණක්. එය තමන්ගේ ස්වභාවික අලංකාරයට හානි කරනවා විතරක් නෙවෙයි වෙනත් භයානක රෝග තත්ත්වවලටත් අත වැනීමක්. ඒ නිසා නිවැරදි ආයුර්වේද රූපලාවන්‍ය ක‍්‍රම තුළින් ස්වභාවික අලංකාරය ඔප්නැංවීට හැකි කෙසේද යන්න ගැන පැහැදිලි කිරීම අද වන විට අත්‍යවශ්‍ය කරුණක් බවට පත් වෙලා.
ආයුර්වේද ශාස්ත‍්‍රය තුළ රූපලාවන්‍ය ප‍්‍රතිකාර ලෙස හඳුන්වන්නේ හුදෙක් ඖෂධ මිශ‍්‍රණයක් මුහුණේ හෝ ශරීරයේ ආලේප කිරීම පමණක් නොවේ. එය කායික, මානසික සමබරතාවය ඇති කරමින් සිදු කරනු ලබන ඉතා පුළුල් වූ චිකිත්සා ක‍්‍රමයක්. ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථ ගත කරුණුවලට අනුව පුද්ගල අලංකාරය වර්ධනය ප‍්‍රධාන කරුණු 03 ක් අරමුණු කරගෙන සිදු කරනවා.
බාහිර අලංකරණය වර්ධනය සිදුවන්නේ මනා නිරෝගීතාවක් පවත්වා ගැනීම තුළිනුයි. ආයුර්වේද ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථයක් වන සුශ‍්‍රැත සංහිතාවට අනුව සම ස්ථර 7 කින් සමන්විත වේ. අප ශරීර අභ්‍යන්තරයේ දෝෂ අසමතුලිත වීම මගින් එම ස්ථර 07 සමග විවිධ අයුරින් ප‍්‍රතික‍්‍රියා කරන අතර එය විවිධ සම ආශ‍්‍රිත ගැටලු ඇති කිරීමට හේතු වෙනවා. ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයේදී රස, රක්ත, මාංශ, මේදස්, අස්ථි, මජ්ජා හා ශුක‍්‍ර ලෙසට ධාතු 07 ක් පිළිබඳ කියවෙනවා. ස්ථර 07 කින් යුත් සම පෝෂණය ලබන්නේ මාංශ ධාතුවෙන් (Muscle Tissue), මාංශ ධාතුව පෝෂණය ලබන්නේ රක්ත ධාතුව මගින් ඒ කියන්නේ රුධිරයෙන්. රක්ත ධාතු පෝෂණය ලබන්නේ ඊට පෙර ධාතුව වන රස ධාතුව මගින් (Plasma Tissue). එම කරුණු සලකා බලන විට නිරෝගී දීප්තිමත් දිදුලන සමක් ලබාගැනීමට අවශ්‍ය වන්නේ බාහිරින් ආලේප කරන කෘතිම රසායනික ද්‍රව්‍ය අඩංගු ක‍්‍රීම් වර්ග භාවිතය නොවේ. අප කළ යුත්තේ හොඳ තත්ත්වයකින් යුත් රස හා රක්ත ධාතූන් පවත්වා ගැනීමයි.
ඒ සඳහා,
නිවැරදි ආහාර රටාවක් පවත්වා ගැනීමෙන් එම ආහාර හොඳින් ජීර්ණය කර පෝෂ්‍ය කොටස් හොඳින් අවශෝෂණය කර පරිතාන වන රස හා රක්ත ධාතු මගින් සම පෝෂණය කර නිරෝගීව දිදුලන සමක් ලබාගත හැකිවනවා. වර්තමානයේ බොහෝමයක් අපේ ආහාර වර්ග සෝඩා, විනාකිරි, චට්නි, ආදිය දැමූ ආහාර ලබාගැනීම වැඩි නැඹුරුයක් පවතින බැවින් අනෙක් රෝග මෙන්ම සම ආශ‍්‍රිත රෝගද බහුලව පවතිනවා.
ආයුර්වේද වෛද්‍යවරයෙකු වෙත රූපලාවන්‍ය ප‍්‍රතිකාර ලබාගැනීමට පැමිණුන විටදී ප‍්‍රධානව ආහාර රටාව පිළිබඳ මෙන්ම රෝගියාගේ අග්නිය හෙවත් ආහාර ජීර්ණය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරනවා. මෙහිදී එය වර්ධනය කිරීම සඳහා අභ්‍යන්තර චිකිත්සා පද්ධතියක් යෙදීමට සිදුවනවා. එමෙන්ම ආහාර ගත් විගස ශීත ජල පානය, ශීත අතුරු පස ආහාරයට ගැනීම නොකළ යුතු වන්නේ එමගින් ආහාර ජීර්ණය අඩු වන නිසයි.
පුද්ගල ජීවන රටාව සැලකිල්ලට ගත් විට වර්තමානය වන විට ඉතාමත් කාර්යබහුල සමාජයක් තමයි අපට තියෙන්නේ. නිසිලෙස ආහාර ගැනීමටවත් කාලයක් නොමැති තරම්. මේ හේතුවෙන් කුපිත වන දෝෂ හේතුවෙන් චර්මාශ්‍රිත ගැටලු ඇති වේ. ඒ සඳහා පහත උපදෙස් වැදගත් වේ යැයි සිතනවා.
උපදෙස් :
සෑම පුද්ගලයකුටම එකම චිකිත්සා ක‍්‍රමයක් යෙදීම සුදුසු නොවේ. මෙහිදී රෝගී තත්ත්වයට අනුව රෝගී පුද්ගලයාට අනුව චිකිත්සාව පෙළ ගැස්විය යුතුය.
නාවින්න බණ්ඩාරනායක ආයුර්වේද පර්යේෂණායතනයේ රූපලාවන්‍ය සායනය වෙත යොමුවන රෝගීන් පිළිබඳ අවධානය යොමු කළ විට පෙනී ගිය කරුණක් වන්නේ බාහිර අලංකරණය කොපමණ වර්ධනය කළද එම පුද්ගලයා මානසික ආතතිය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව වැනි ගති ලක්‍ෂණවලින් යුක්ත නම් ප‍්‍රතිකාරවලින් රෝගය සුවපත් වුවද නැවත ඇති විය හැකි බවයි. එබැවින් සාර්ථක ප‍්‍රතිකාර ලබාගැනීම සඳහා කායිකව පමණක් නොව මානසිකවද නිරෝගී විය යුතු වේ.
ඒ සඳහා,
වයසට යෑම පාලනය කිරීම සඳහා ආයුර්වේද ශාස්ත‍්‍රය තුළ අඩංගු වූ වෙනම චිකිත්සා ක‍්‍රමවේදයක් තමයි රසායන චිකිත්සා සායනයට යොමුවන රෝගීන් අතර වර්තමානයේ තරුණ පරපුරේද සම රැලි වැටීම, වියළි යාම, වියපත් ලක්‍ෂණ බහුලව දක්නට ලැබේ. ඒ සඳහා චිකිත්සක පද්ධතියක් ආයුර්වේද වෛද්‍යවරයෙකුගෙන් ලබාගත යුතු වෙනවා. මෙබදු වූ ඉතා පුළුල් චිකිත්සා ක‍්‍රමයක් තමයි රූපලාවන්‍ය චිකිත්සාව කියන්නේ. එය ආයුර්වේද යම් නම් දැරූ ඖෂධීය චූර්ණ ඇඳ ගැල්වීමක් මගින් පමණක් හෝ ක‍්‍රීම් වර්ග ආලේපය පමණක් මගින් රූපලාවන්‍ය ගැටලුවලට විසදුම් සෙවීම සුදුසු වන්නේ නෑ. ඊට වඩාත්ම සුදුසු වන්නේ සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයෙකු වෙත යොමු වී අවශ්‍ය උපදෙස් හා ප‍්‍රතිකාර ලබාගැනීමයි.
Saru FM Media