ගණේමුල්ල සංජීවගේ සමීපතමයෙකු වූ ‘ආමි උපුල්’ රාගම බටුවත්ත ප්‍රදේශයේ දී වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු රැසක් හෙළිකරගැනීමට පොලීසියට හැකිව තිබේ.
ත්‍රිරෝද රථයකින් පැමිණි දෙදෙනෙකු විසින් පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් ඉකුත් වසරේ ජූලි 3වනදා මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබුණි.
ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ කොට්ඨාස අපරාධ විර්මශන කාර්යංශය සිදුකළ විර්මශනයේදී ඉකුත් 17වනදා මෙම වෙඩිතැබීමට සම්බන්ධ වෙඩික්කරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එම අපරාධය සම්බන්ධව වැඩිදුරටත් සිදුකල විමර්ශනයේදී ඉහත වෙඩික්කරුට ප්‍රවාහන පහසුකම් ලබා දෙමින් ආධාර අනුබල දුන් සැකකරුවෙකු මාදම්පේ ප්‍රදේශයේදී පෙරේදා (18) අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු වයස අවුරුදු 29ක් වන මාදම්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය.
එම සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්නකිරීමේදී ඉකුත් මාර්තු 7වනදා ජාඇල ප්‍රදේශයේ නිවසකට වෙඩිතැබීමේ සිද්ධියට ආධාර අනුබල දී ඇති බවට අනාවරණය වී ඇත.
ඒ අනුව ඔහුගේ නිවසේ සඟවා තිබූ බෝර 12 වර්ගයේ ගිනි අවියක්, එම පතරොම් 14ක් හා ව්‍යාජ අංක තහඩු යොදන ලද යතුරුපැදියක් පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකරුගෙන් සිදුකල වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ‘ආමි උපුල්’ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු ඊයේ (19) වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වයස අවුරුදු 35ක් වන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය.
මෙම සැකකරුවන් දෙදෙනා ඉකුත් වසරේ ජූලි 14වනදා මාදම්පේ ප්‍රදේශයේදී පුද්ගලයෙකුට කඩුවකින් පහරදී බරපතළ තුවාල සිදු කිරීමේ අපරාධයක සැකකරුවන් බවටද අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් රාගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර, රාගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
Saru News
















