ආපදා තත්ත්වය නිසා හෙට අනිද්දා පාර්ලිමේන්තු නෑ

0
1

පවතින ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන හෙට සහ අනිද්දා යන දෙදින තුළ පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාදය නොපැවැත්වීමට තීරණය කර තිබේ.

අද (27) දහවල් පැවැති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව සඳහන් ය.

ඒ අනුව ලබන සඳුදා දිනයේදී යළි පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර සඳුදා සහ අඟහරුවාදා යන දෙදින තුළ පාර්ලිමේන්තුව රාත්‍රිය දක්වාම පැවැත්වීමට මෙහිදී තීරණය කර ඇත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here