ආපදාවෙන් පීඩාවට පත් ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාවට කුරුණෑගල වෛද්‍යවරුන්ගෙන් රු. ලක්ෂ 10 පරිත්‍යාගයක් – Saru News | සිංහල

0
10

පසුගිය දිනවල මෙරටට බලපෑ හදිසි ආපදා තත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂණය උදෙසා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ගෙන යනු ලබන වැඩපිළිවෙල ශක්තිමත් කිරීමට කුරුණෑගල වෛදවරුන්ගේ සායනික සංසදය විසින් අද (26) රුපියල් ලක්ෂ 10ක මුල්‍ය පරිත්‍යාගයක් ලබාදී ඇත.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස වෙත මෙම මුල්‍ය පරීත්‍යාගය ලබාදීම කුරුණෑගල වෛදවරුන්ගේ සායනික සංසදයේ සභාපති විශේෂඥ වෛද්‍ය චිත්‍රාන් හතුරුසිංහ සහ ලේකම් විශේෂඥ වෛද්‍ය උපුල් මඩහපොල යන අයගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදු කරන ලදි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ වෛද්‍යවරුන්ගේ සායනික දැනුම සහ අධ්‍යාපනික කටයුතු සඳහා යොදවනු ලබන අරමුදලට අදාළ මුදල් මෙලෙස පරිත්‍යාගය කිරීමට කටයුතු කළේ සංසඳයේ විධායක සභාවේ නිලධාරීන්ගේ ඉල්ලීම මත බව කුරුණෑගල වෛදවරුන්ගේ සායනික සංසදය නියෝජනය කරමින් පැමිණි නිලධාරින් මෙහිදී අවධාරණය කරන ලදි.

මෙම මුල්‍ය පරිත්‍යාගය ව්‍යසනයෙන් පීඩාවට පත් ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂණය සඳහා පිටුවහලක් වනු ඇති බවත්, ඉදිරියටත් අවශ්‍යතාවයක් වුවහොත් සිය සංගමය මුල්‍යමය හා ශ්‍රමදායකත්වය ලබාදීමට කටයුතු කරන බවද සංසදයේ නිලධාරින් මෙහිදී ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස දැනුවත් කර ඇත.

ස්වභාවික ව්‍යසනයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සිදු කළ මූල්‍ය පරිත්‍යාගය ඇගයීමට ලක් කළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති පසුගිය කාලය තුළ පීඩාවට පත් ජනතාවගේ සුභසාධන කටයුතු සඳහා සමාජයේ විවිධ ක්ෂේත්‍ර තුළින් අනුග්‍රාහකත්වයන් ලබාදෙනු ලැබු බවද එම පරිත්‍යාගයන් පීඩාවට පත් ජනතාව වෙත මනා විනිවිඳභාවයකින් යෙදවීමට රජය කටයුතු කරන බවද පවසා ඇත.


2

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here