ආදරේ සදාතනික කරගන්න නොවරදින ටිප්ස්

0
13


ආදරේ කරන්න ගත්ත මුල් කාලේ නම් ඉතින් දෙන්න එකට ඇලිල වගේ උන්නට ටිකෙන් ටික කල් යද්දි ඔය ආදරේ කරද්දි එකට ඇලවිල ඉන්න ගම් එක පොඩ්ඩ පොඩ්ඩ දියවෙන්න ගන්නවා. 

ඉතින් ඔන්න ඔය හේතුව නිසා දෙන්න පොඩ්ඩ පොඩ්ඩ ඈත්වෙන්න ගන්නවා. 

මේකට ඉතින් කාලය වගේම තමන්ගෙ වැඩ රාජකාරි වල බලපෑමත් හරියට බලපානවා.

 මේක ඉතින් යාලුවෙලා ඉන්න අයගෙ වගේම බැඳපු ජෝඩුවකට උනත් බලපානවා. 

ඉතින් ආදරේ කියන්නෙ ඔයාලා දෙන්නගෙ සබඳතාවය ලස්සන කරන තවත් ශක්තිමත් කරන දෙයක්නේ. 

 ඉතින් අපි බලන්න ඕන අපේ සබඳතාවයේ අඩිතාලම වෙලා තියෙන මේ ආදරේ දිගටම අපේ හිතට දැනෙන විදියට සහ ලස්සනට පවත්වාගෙන යන්න අපිට මොනවද කරන්න පුලුවන් කියලා.

 ආදර කතාවකදි සමාව දීම කියන්නෙ හරිම වැදගත් කාරණාවක්. සමාවක් නොදෙන තැන ආදරයකට රැඳෙන්න හරිම අමාරුයි. 

 ආදරේ කරන දෙන්නෙක් අතරෙ ප්‍රශ්න ඇති නොවී තියෙන්නෙ නෑනෙ. 

රණ්ඩු සරුවල් වීම, පොඩි පොඩි බැණ අඬගැසීම්, තරහ යන ඒව ඉතින් ඕනම ආදර සබඳතාවයකදි අපිට දකින්න ලැබෙනවා. ඒ උනාට ඉතින් අහල ඇතිනෙ ඔක්කොම රණ්ඩු බත් හැලිය ඉදෙන කම් විතරයි කියනවනේ.

 ඒ වගේ තමයි ඉතින් මොන ප්‍රශ්නෙ තිබ්බත් ඉතින් සමාව දුන්නම ඔය ඔක්කොම ඉවරයි. 

සමාව දෙන එක තමන්ගෙ තත්ත්වෙ බාල්දු කරගැනීමක් කියල හිතන කෙනෙක් මුලින්ම තේරුම් ගන්න ඕන එකක් තමයි එහෙම කරලනම් පුතේ ආදර සබඳතාවයක් හොඳට මේන්ටේන් කරන්න අපහසු බව 

ඕනම ආදර සබඳතාවයක ප්‍රශ්න මතුවෙනවා. ප්‍රශ්න ඇතිවෙන්නෙ නෑ අපි අතරෙ කවදාවත්, අපි රණ්ඩු වෙන්නෙ නෑ කියල හිතාගෙන හිටියට එහෙම නොවන බව මුලින්ම තේරුම් ගන්න කොච්චර ආදරෙන් එකතු උනත් එතන ඉන්නෙ වෙනස් මිනිස්සු දෙන්නෙක්. 

ඉතින් ගැටලු ඇතිවෙනවා ඒ උනාට “මේ තමයි ජීවිතයේ හැටි මේ තමයි ආදරයේ හැටි” කියල තේරුම් අරගෙන හිටියොත් ඔයාලට ඔයාලගෙ ආදර සබඳතාවය ලස්සනට කරගෙන යන්න පුලුවන් 

මොකද මොන තරම් සුරංගනා කතා කිව්වත් අපිට ජීවිතයේ ඇත්තට මූණ දෙන්න වෙනවනෙ. 

ඉතින් ඒ ඇත්ත පැත්ත තේරුම් අරගෙන ඉන්න අමතක කරන්න එපා මෙහෙම ගැටලු ඇති උන වෙලාවකදි අතීතෙ දවසක ඔයාලා ආදරෙන් උන්නු හැටි මතක් කරගන්න. හිත ඉබේම නිදහස් වෙනවා  

 ඕනම ආදර සබඳතාවයක් ඇතුලෙ ඔය දෙන්නට පොදු ආදරණීය Rituals තියෙන්න ඕන.

 උදේ නැගිට්ටම, රෑට නිදියන්න යද්දි වැඩට යන්න කලින් සමුගන්න විදියෙ වගේ පුංචි දේවල් තමයි ආදරේ හරිම ලස්සන කරන්නේ 

 උදේ ඇහැරුනාම එයාගෙ නළල ඉඹල ගුඩ් මෝනින් කියද්දි, රෑට නිදියන්න යන්න කලින් එයාට තුරුල් වෙන එක වගේ දේවල් එකක් නොදැනීම ඔය දෙන්නටම ආදරේ ඇතුලෙත් ලස්සන වගේම comfort zone එකක් හදාගන්න පුලුවන් 

 ආදරයකදි එකිනෙකාට ඇහුන්කම් දෙන එක හරිම වැදගත්. 

එහෙම නොවුනොත් වෙන්නෙ එක්කො රණ්ඩුවකින් එහෙම නැත්තම් හිත් රිදීමකින් තමයි මොන දෙයක් උනත් අවසන් වෙන්නෙ 

 එයා දෙයක් කියද්දි ඔයා අහගෙන හිටියොත් තමයි ඔයා දෙයක් කියද්දි එයා උනත් අහගෙන ඉන්නෙ කියන එක අමතක කරන්න එපා 

 අනික සමහරවෙලාවට ඔයා නොහිතපු නොදැකපු පැත්තක් එයා ඇහුව දැක්කා වෙන්නත් පුලුවන්. 

තනි අතෙන් අත්පුඩි ගහන්න බෑ වගේම තනියෙන් ආදරේ කරන්නත් බැරි බව අමතක කරන්න එපා 

 මේක ඉතින් අමුතු දෙයක් නෙවෙයිනෙ. 

ආදරේ මූලික අඩිතාලම වෙන්නෙ අවංක බව. 

එකිනෙකාට අවංක වීම කියන දේනේ. 

ඉතින් ඔයාලගෙ ආදරය ලස්සනට තියාගන්න පුලුවන් දෙන්න එකිනෙකාට අවංක උනොත් ආදරයක් ඇතුලෙ බොරු කියන එක, වංචා කරන එක හරියට කිරි කලයක් පුරවල ගොම දැම්ම වගේ දෙයක් බව අමතක කරන්න එපා 

මොනතරම් කිරි පැණි වගේ ඉන්න අය අතරෙත් රණ්ඩු වෙනවා. 

ඒක සාමාන්‍ය දෙයක්. 

හැබැයි හේතු හොයන් ගිහින් රණ්ඩු වෙන්න එපා. 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here