ශ්‍රී ලංකාවේ එළිමහන් සංගීත ප්‍රසංග කලාව නව මානයකට ඔසවා තබමින්, වසරේ වඩාත්ම ආකර්ෂණීය සහ සුවිශේෂී සංගීත අත්දැකීම ලෙස සැලකෙන ‘Hunger’ Concert අද (14) සවස 6.30 ට කොළඹ නෙළුම් පොකුණ රඟහල එළිමහන් වේදිකාවේදී පැවැත් වේ.
ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ සුරේෂ් මාලියද්ද ගේ මෙහෙයවීමෙන්, ලංකාවේ ප්‍රථම වරට පුද්ගලයින් 40 දෙනෙකුගෙන් සමන්විත දැවැන්ත වාද්‍ය වෘන්දයක් (40 pieces orchestra) මෙම ප්‍රසංගය සඳහා එක්වේ.
අසහාය හඬ පෞරුෂයන්ගේ සුසංයෝගය
ප්‍රසංගය වර්ණවත් කිරීම සඳහා මෙරට සංගීත ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ගායන තරු වන රූකාන්ත ගුණතිලක, කසුන් කල්හාර, ඉන්ද්‍රචාප ලියනගේ, චිත්‍රාල් සෝමපාල, කුෂානි සඳරේඛා, උමාරියා සිංහවංශ, නදීක ජයවර්ධන එක්වීමට නියමිතය.
කලාකරුවන් කිහිප දෙනෙකු ‘Hunger’ ප්‍රසංගය පිළිබඳ මෙසේ අදහස් එක් කර තිබිණි.
කසුන් කල්හාර
“Hunger කියන්නේ සංගීතයට තිබෙන බඩගින්නයි. Love, Lust වගේම රසවත් කෑමක් කන කොට දැනෙන ඒ අමුතු හැඟීම සංගීතය හරහා ගේන්න අපි මෙහිදී උත්සාහ කරනවා. මේක Symphonic sound එකක් සොයන අයට කදිම අවස්ථාවක්.”
උමාරියා සිංහවංශ
“අද කාලේ බොහෝ ප්‍රසංග වෙන්නේ කකුල් දෙකට වුණත්, මේ ‘Hunger’ ප්‍රසංගය වෙන්නේ ඔබේ ආත්මයටයි. ලංකාවේ සැබෑ ටැලන්ට් එක මොකක්ද කියලා එදාට හොඳටම දැනේවි.”
චිත්‍රාල් සෝමපාල
ඔබ සංගීතයට දැඩිව ආශා කරන (Hungry for music) කෙනෙක් නම් මෙය මග නොහැරිය යුතුම ප්‍රසංගයක්.”
හෙට රාත්‍රියේ නෙළුම් පොකුණ අහස යටදී දිගහැරෙන මෙම අමතක නොවන සංගීත අත්දැකීම විඳගැනීම සඳහා ඔබේ සහකරු හෝ සහකාරිය සහෘදයන් සමඟ එක්වන ලෙස සංවිධායකයෝ ආරාධනා කර සිටිති. ඔබේ සුවපහසු අසුන වෙන් කර ගැනීමට සඳහා පහත ලින්කුවට පිවිසෙන්න.
ප්‍රවේශපත්‍ර අද (14) දෙරටුවෙන් ද මිළදි ගත හැක
* ප්‍රේමයේ සහ සංගීතයේ සැබෑ සුසංයෝගය අත්විඳින්න ඔබත් එන්න!
Saru News










