බේබි ෂෙරමි අලෙවි කළමනාකාරිනී දනුෂ්කා සිල්වා සමඟ සිදු කළ සාකච්ඡාවක්
පවතින සමාජීය හා ආර්ථික රටා හමුවේ දෙමව්පියන් වන ඔබ අප සැවොම ගත කරන්නේ අධික කාර්යබහුල ජීවන රටාවක්. මෙම කාර්ය බහුලත්වය හමුවේ දරු පැටියාට අවශ්‍ය ආදරය, සෙනෙහස සහ ආරක්ෂාව නිසි පරිදි ලැබේද යන්න පිළිබඳ විවිධ ගැටලු මතු වීමට ඉඩ තිබෙනවා. ඒ හේතුවෙන්, විශේෂයෙන්ම මෙවන් කාල වකවානුවක් තුළ ‘සමසහභාගි දෙමාපියත්වය‘ යන සංකල්පයේ වැදගත්කම පිළිබඳ අවබෝධ කර ගැනීම සෑම මවකටම සහ පියෙකුටම අත්‍යවශ්‍ය වනවා.
‘සමසහභාගි දෙමාපියත්වය‘ යනුවෙන් අප අදහස් කරනුයේ දරුවෙකුගේ සංවර්ධන කාර්යය සඳහා මෙන්ම දරුවා රැකබලා ගැනීමේ කාර්යය සඳහා මව සහ පියා යන දෙදෙනාම ක්‍රියාකාරීව සහභාගී විය යුතුයි කියන එක. දරුවාගේ සංවර්ධනය පිළිබඳ කතා කිරීමේදී දෙමව්පියන් වන ඔබ දන්නවා ඇති, දරුවාගේ පළමු වසර තුන කියන්නේ ඔවුන්ගේ මොළය විශාල වශයෙන් වර්ධනය වන සහ ඔවුන්ගේ ඉදිරි අනාගතය තීරණය වන මානසික සහ ශාරීරික වෙනස්කම් රැසක් සිදුවන කාල වකවානුවක් බව. මේ කාලයේ පුංචි පැටවුන් හැදෙන වැඩෙන පරිසරය, අහන්න දකින්න ලැබෙන දේ දරුවාගේ චරිතය පෝෂණය කිරීමට ඉවහල් වන නිසා, මෙම කාල වකවානුව තුළ දරුවාගේ සංවර්ධනයට දෙමව්පියන්ගේ ක්‍රියාකාරී දායකත්වය ඉතා වැදගත් වනවා.
වර්තමාන සමාජීය පිළිගැනීම් අනුව බොහෝ දෙනෙකු විශ්වාස කරනුයේ පියා මූලික වශයෙන් දරුවාගේ ආරක්ෂකයා සහ මූල්‍ය සම්පාදකයා බවත්, මව දරුවන් රැකබලා ගැනීම වෙනුවෙන් කැපවී සිටිය යුතු බවත්. නමුත්, මෙම මතයන්ට සීමා නොවී ඉන් ඔබ්බට විහිදීමේ වැදගත්කම අවධාරණය කරන ‘සමසහභාගි දෙමාපියත්වය‘ යන සංකල්පයේ අවශ්‍යතාව මෑතකාලීනව ඉහළ යමින් පවතිනවා. මෙහිදී ඔබට සිහියට නැගෙන්න පුළුවන් ප්‍රධාන කාරණාවක් තමයි දෙමව්පියන් අහිමි හෝ මව හෝ පියා සමඟ පමණක් ඇති දැඩි වන අපේ පුංචි පැටවුන් ගැන. පරම්පරා ගණනක විශ්වාසය සුරැකි දේශීය සන්නාමයක් ලෙස එම සියලුම මව්පියවරුන් ඇතුළු භාරකරුවන් අප අගය කරනුයේ ‘සමසහභාගි දෙමාපියත්වය‘ යන සංකල්පය තුළ ඔවුන් මව හා පියා යන චරිත ද්විත්වයේම භූමිකා හා බැඳී පවතින නිසාවෙන්.
දශක හයක කාලයක් පුරාවට ශ්‍රී ලාංකේය මව්පියවරුන් අතර විශ්වාසනීය සන්නාමයක් වූ බේබි ෂෙරමි විසින්, දරු පැටියා රැකබලා ගැනීමේ සහ සංවර්ධනය කිරීමේ කාර්යය සඳහා මව සහ පියා දෙදෙනාගේම ක්‍රියාකාරී සහභාගීත්වයේ වැදගත්කම සමාජයට පෙන්වා දෙමින් සිටිනවා. මේ අනුව ‘සමසහභාගි දෙමාපියත්වය‘ යන සංකල්පය දේශීයව ප්‍රචලිත කිරීමටත්, එහි වැදගත්කම පිළිබඳ දෙමව්පියන් දැනුවත් කිරීමටත්, ක්ෂේත්‍ර විශේෂඥයින්ගේ මාර්ගෝපදේශනය සහිතව වැඩසටහන් රාශියක් බේබි ෂෙරමි අප ක්‍රියාත්මක කළා. ඉදිරියටත් අපේ දරු පැටවුන්ට ආදරය, සෙනෙහස පිරුණු ලොවක් නිර්මාණය කිරීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට අප කැපවී ක්‍රියා කරනවා.
බේබි ෂෙරමි, කැන්ටාර් (Kantar) ආයතනය සමඟ එක්ව සිදුකල සමීක්ෂණයකින් හෙළි වුණා ශ්‍රී ලාංකේය දෙමව්පියන් ‘සමසහභාගි දෙමාපියත්වය’ යන සංකල්පය පිළිබඳ ධනාත්මකව සිතන බව. නමුත්, විවිධ සමාජීය න්‍යායන්ට අනුව බහුතරයක් තවමත් විශ්වාස කරනුයේ පියා නිවසේ මූල්‍ය සම්පාදකයා බවත්, මව දරුවන් රැකබලා ගැනීම සිදු කළ යුතු බවත්.
සමීක්ෂණයේදී අනාවරණය වූ මූලිකම ධනාත්මක කරුණක් ලෙස, එයට සහභාගී වූ දෙමව්පියන්ගෙන් 64%ක් විශ්වාස කරනුයේ පියා ද දරුවාගේ එදිනෙදා කාර්යයන් සඳහා මව මෙන්ම ක්‍රියාකාරීව දායක විය යුතු බව. බහුතරයක් මෙම ක්‍රියාකාරී සහභාගීත්වයේ වැදගත්කම අවබෝධ කර ගත්තත්, සමීක්ෂණයට සහභාගී වූ 33% ක් පමණ පියවරුන් පමණයි දරුවාගේ එදිනෙදා කාර්යයන් සඳහා ක්‍රියාකාරීව සම්බන්ධ වන බව පවසා තියෙන්නේ. මේ සියල්ල අභිබවා, දෙමව්පියන් බහුතරයක් විශ්වාස කරන අන්දමට, දරුවා රැකබලා ගනිමින් සංවර්ධනය කිරීමේ කාර්යය සඳහා ක්‍රියාකාරී ලෙස මව සහ පියා යන දෙදෙනාම සහභාගී විය යුතුයි යන වැඩි විශ්වාසය, දේශීයව ‘සමසහභාගි දෙමාපියත්වය’ යන සංකල්පය ප්‍රචලිත කිරීමට මූලාරම්භයක් සපයන බව අපගේ විශ්වාසයයි.
විද්‍යාත්මකව ගත්තොත් දරුවකුගේ මොලයෙන් 80% ක ප්‍රතිශතයක වර්ධනය සිදු වන මුල් අවුරුදු තුන තුළ දෙමව්පියන්ට විශාල වගකීමක් තියෙනවා දරුවා පිළිබඳව සුවිශේෂී අවධානයක් දැක්වීමට. දරුවාගේ යහපත් හැසිරීමට, භාෂා හැසිරවීමට, කුඩාකල සිටම තමන් පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට පවා මව සහ පියා සමඟ ගෙවන කාලය දරුවකුට ඉතා වැදගත්. විශේෂයෙන්ම දෙමව්පියන් අතර පවතින අන්තර්සම්බන්ධතා තුළින් දරුවන් නොයෙක් දේ තම ජීවිතයට එකතු කරගන්නවා. දරුවාගේ බුද්ධි වර්ධනය, කාර්ය කුසලතා, භාෂා කුසලතා, ස්වයං දැනුවත්භාවය, දයාව, කරුණාව, සමාජීය කුසලතා ඇතුළු තවත් බොහෝ ජීවන කුසලතා වර්ධනය වීමට සමසහභාගි දෙමාපියත්වය යන සංකල්පය ඉවහල් වනවා. එසේම, තනි මාපිය/භාරකරුගේ ක්‍රියාකාරී සහභාගීත්වය තුළද දරුවා තුළ විශාල සංවර්ධනයක් ඇති වන බව මතක් කල යුතුයි.
වර්තමාන කාර්යබහුල ජීවන රටා හමුවේ ‘සමසහභාගි දෙමාපියත්වය’ යන සංකල්පය පුංචි පවුල තුළ ක්‍රියාත්මක කිරීමට යාමේදී විවිධ දුෂ්කරතා සඳහා මුහුණ දීමට සිදුවෙයි. නමුත් අප සිදු කළ සමීක්ෂණ ප්‍රතිඵලයන්ට අනුව වැඩි වශයෙන් පියවරුන් ඉදිරියේදී මෙම සංකල්පයේ වැදගත්කම තේරුම් ගනීයයි අපට ධනාත්මක බලාපොරොත්තුවක් පවතිනවා.
කාර්ය බහුල මවක් විදිහට මමත් හොඳින්ම දන්නවා දරුවාගේ පළමු වසර තුනක කාලය තුළ විවිධ කටයුතු කළමනාකරණය කරගනිමින් දරුවා සමඟ කාලය ගත කිරීම කොතරම් අසීරුද කියලා. නමුත් අප අමතක නොකළ යුතුයි, ඒ ගෙවෙන්නේ අපේ දරුවාගේ අනාගතයට අඩි තාලමක් සපයන රත්තරන් කාලසීමාවක් කියලා. දරුවාගේ මානසික සංවර්ධනය උදෙසා මෙන්ම ඔහුව හෝ ඇයව රටට වැඩදායී ක්‍රියාශීලි දරුවකු බවට පත් කිරීමට, දෙමව්පියන් වන ඔබ හැකි පමණ සියලු කාර්යයන් බෙදාහදා ගනිමින් ඔබට ලැබෙන සීමිත කාලය දරුවා සමඟ ඵලදායී ලෙස ගත කිරීමට උත්සහ කරන්න.
දනුෂ්කා සිල්වා
බේබි ෂෙරමි අලෙවි කළමනාකාරිනී
Saru FM Media