විවාහ ජීවිතය සතුටින් ගෙවන්න නම් ඔබේ ආදරබර සැමියා ඔබට සවන් දෙන ඔබේ සිතින් පැතුම් බෙදාහදාගන්නා අයෙකුවීම අත්‍යාවශ්‍යයි. නමුත් හැමකෙනාම එසේ නොවෙන් පුළුවන් වගේම ඔබේ අවධානය සහ අවබෝධයත් අවශ්‍යයි. එනිසා ආදරබර සැමියා සමඟ සතුටින් දිවි ගෙවන්නට මෙන්න මේ දේවල් ගැන අවධානය යොමුකරන්න-
සැමියන් ගොඩ දෙනෙක් ෆැෂන් කරන්න ඒ තරම් උනන්දුවක් නෑ. මේ නිසා ඔබ ඔහුගේ සම්පුර්ණ ඇදුම් අල්මාරිය වෙනස් කරන්න ගියොත් නම් ඔහුට ගොඩක් දුක හිතෙන්න පුළුවන්. ඔහු හිතාවි ඔබ ඔහුගේ අඳින පළඳින විදියට පොඩ්ඩක්වත් කැමති නෑ කියලා. එනිසා එක විලාසිතා පාරට ඔක්කොම වෙනස් කරන්න යන්න කලින් සැමියාට ඒත්තු නොයන ලෙස ෆැෂන් කරන්න පුංචි පුංචි මඟ පෙන්වීම් ටිකක් හෙමින් සැරේ ලබාදෙන්න. ඒ වගේම ඔහුට ගැලපෙන විලාසිතාවල ඇඳුම් විශේෂ අවස්තාවලදී තිළිණකල හැකියි.
බොහෝ බිරින්දෑ වරුන් හිතන් ඉන්නේ සැමියන් ගෙදර දොරේ වැඩ කරනවා අඩුයි කියලා. බ්‍රිතානයේ මෑතකදී සිදු කරන ලද සමික්ෂණයකින් සොයාගෙන තිඛෙනවා වත්මන් ලෝයේ සැමියන් බොහෝ වෙලාවට බිරිදට සමානවම ගෙදර දොරේ වැඩ කරනවා කියලා. අද ගොඩක් වෙලාවට දෙන්නටම රැකියා කරන්න වෙලා නිසා ගෙදර දොරේ වැඩ සමානව කරන්න සැමියන්ට සිද්ද වෙලා. ළමුන් බලා ගැනීම පවා සැමියන්ට දැන් ලොකු දෙයක් නොවෙයි කියලා බිරිදක් විදියට ඔබ මතක තියා ගන්නකො
ඔහු කැමති හැම දේකදීම ඔබ පස්සෙන් ගොස් ඔහු සමග එකතු වීම අවශ්‍ය වන්නේනෑ. පිරිමින්ට පොඩ්ඩක් නිදහසේ ඔවුන් රස විදින සමහර දේවල් වල නිරත වෙන්නත් අවස්තාවක් දීමට අවශ්‍යයි. උදාහරණයක් විදියට ඉඳලහිටල යාළුවො එක්ක පොඩ්ඩක් එළියට යන්න, විනෝදාංශයක නිරතවෙන්න නිදහසක් අවශ්‍ය වෙනවා. මෙන්න මේ නිදහස නම් බිරිදක් විසින් සැමියන්ට ලබා දිය යුතුමයි. දුන්නේ නැති උනොතින් ඔහු එක්කෝ මානසික ලෙස ඇද වැටි පෞරුෂත්වයට හානි කරගන්නවා. නැත්තම් ඔබට ඇති ආදරය අඩුවෙන්නත් පුළුවන්. අවශ්‍ය ප්‍රමාණයට මේ නිදහස දෙන්න වග බලා ගන්න.
කටින් කියන්නේ එකක් හිතින් ඉල්ලන්නේ තව එකක් නිසා පිරිමින්ට කොහොමත් ගැහැණු හිත් වල තියෙන දේවල් තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා ඔබට අවශ්‍ය දේ වක්‍රා කාරයෙන් ඔබේ සැමියාට කියූ විට ඔබට එය නොලැබී යන්නේ ඔහුට එය තේරුම් ගැනීමට බැරි නිසා බව ඔබ දැන සිටිය යුතුයි. ඔබට අවශ්‍ය දේ කෙලින්ම ඔහුට කිව්වොත් එය ලැබීමේ සම්භාවිතාව වැඩි බව ඔබ මතක තියාගන්න අවශ්‍යයි.
මේ දේවල් වගේම සැමියන් ඔවුන්ගේ ආදරය පෙන්වන්නේ ක්‍රියාවලින් මිසක් වචන වලින් නොවන බවත් මතකතබාගැනීම වැදගත්. මෙවැනි කුඩා දේවල් කෙරෙහි අවධානයෙන් සිටීමෙන් දිගුකාලීනව ඔබේ දිවියේ සතුට රැකගත හැකිවනු ඇත.
– කල්හාරී –
Saru FM Media