ආදරණීය මිනිසාගේ අවසන් ගමන අද

0
9


කෙටි කාලයක් තුළ කෑගල්ල දිස්ත්‍රික්කයේ පමණක් නොව, තරුණ ප්‍රජාවගේ පමණක් නොව රටේ ම ජනතාවගේ ආදරය දිනා ගත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර අද (09) අවසන් ගමන් යයි.

පසුගිය දින දෙක පුරා ම, ඔහුට අවසන් බුහුමන් දැක්වීම සඳහා අති විශාල ජනකායක් නිවසට පැමිණ තිබිණි. ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙන් ම ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් ඒ අතර සිටියහ.

අමාත්‍ය බිමල් රත්නායක තබා තිබූ ෆේස්බුක් සටහනක් උපුටා ගෙන පහත දැක්වේ.

කෝසල බලන්න එයාගෙ ගෙදර ගියා.
මල් පිපිලා වගේ, තරු පිරිච්ච අහසක් වගේ මුළු මිදුලෙම,පාරෙ හැම තැනම සමාජය වෙනස් කරන්න,ලස්සන කරන්න වැඩ කරන මුළු රටෙන්ම ඇවිල්ලා ඉන්න සහෝදර සහෝදරියන්ගෙන් පිරිලා ඉතිරිලා!
ආදරය, සහෝදරත්වය, මිත්‍රත්වය උතුරනව. හැම කෙනාටම අනිත් කෙනා එක්ක කතා කරන්න ,අතින් අල්ලන්න, වැළඳ ගන්න, අනිත් කෙනාට පරිස්සම් වෙන්න කියන්න ඕන වෙලා!
කෝසල ගැන දුක් වෙන ගමන්ම අපේ රටේ මිනිස්සුන්ගේ ජීවිත ලස්සන කරන්න තව කරන්න තියෙන වැඩ ගැන කට්ටිය මීමැස්සෝ වගේ මුනූ මුණු ගාණව.
එතකොට ජීවත්වීමේ අරමුණ ගැන ආසාව වැඩි කරනව!
තව පපුවට, මොළයට දැනෙන්න ජීවත් වෙන්න ඕනි කියල හිතෙනවා.
එතෙන්දි මරණය පරදිනවා!

– බිමල් රත්නායක



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here