ගොවි ජනතාව විසින් තෝරා පත්කරගත් ආණ්ඩුව පොහොර සහනාධාරය කපා දැමීමට කටයුතු කරන්නේ නම් ආණ්ඩුවේ දේශපාලන අනාගතය ගැන ගොවීන් තීන්දුවක් ගනු ඇතැයි ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පැවසීය.Sri Lanka Latest News
ආණ්ඩුව පොහොර සහනාධාරය වෙනුවට වගා සහනාධාරයක් ලබාදීම පිළිබඳව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එසේ කියා සිටි ඒ මහතා මෙය වචන හරඹයක් පමණක් බවත් පොහොර සහනාධාරය සහ වගා සහනාධාරය යනු එකක් බවත් සඳහන් කර සිටියේය.
මේ ප්‍රකාශය අංක ගණිත විජ්ජාවක්. කොහොමටත් හෙක්ටයාර් එකකට රුපියල් 25,000ක සහනාධාරය ලැබෙනවා. දෙකකට 50,000යි. මේක අලුතින් දෙන සහනාධාරයක් නෙවෙයි. නාමල් නියෝජ්‍ය ඇමැතිගේ ප්‍රකාශය වචනවලට මුවා වී පෝර සහනාධාරය කපා හැරීමක්. ජනාධිපතිවරයාත් ප්‍රකාශ කර තිබුණා රටේ හෙක්ටයාර් දහතුන් ලක්ෂයක් පමණක් වී වගාවට යොදා ගැනීම පිළිබඳව. මේවා අයි.එම්.එෆ්. යෝජනා සහ කුමන්ත්‍රණ විය හැකියි. මේ කරන්නේ ගොවියා ගොවිතැනින් ඈත් කිරීමක්.
මේ විදිහට ගොවියාගේ අයිතිවාසිකම් කප්පාදු කරන්නට ආණ්ඩුව කටයුතු කරන්නේ නම් ඊට විරුද්ධව ගොවියා පෙළගස්වන්නට අපි පැකිළෙන්නෙ නෑ.
මේ ආණ්ඩුව ජනතාව වගේම ගොවියාත් රවටනවා. විශේෂයෙන්ම කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති ගොවියා රැවටීමට පශ්චත් භාගයෙන් පවා බොරු කියනවා යැයි ද අනුරාධ තෙන්නකෝන් මහතා වැඩිදුරටත් කියාසිටියේය.
දිවයින
Saru FM Media