ආණ්ඩුව ඇතුළේ පෙරළියක්! ලොකු වගකීම්-ඇමැතිකම් වෙනස් වීම ස්ථිරයි! ‘මව්රට’ කලින්ම කියපු කතාව 100%ක් තහවුරුයි! I Sri Lanka Latest News

0
2


ඉදිරි සති කීපය ඇතුළත ආණ්ඩුව ඇතුළේ විශාල පෙරළි ගණනාවක් සිදුවීමට නියමිතව ඇති බව ‘මව්රට’ට වාර්තා වේ.Sri Lanka Latest News

ඒ අනුව, ප්‍රබල ඇමැති ධුර කිහිපයක්ම වෙනස් වීමට නියමිතව ඇති අතර, බොහෝ දෙනකුට ලබාදී තිබූ ප්‍රබල වගකීම් රැසක්ම ඉවත් කිරීමට නියමිතව ඇති බව දැනගන්නට තිබේ.

එමෙන්ම කැබිනට් මණ්ඩලයට තවත් නවකයන් කිහිප දෙනකුගේම මුහුණු එක්කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවද දැනගන්නට තිබේ.

පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව ‘මව්රට’ පුවත්පතේ ‘රාජ්‍ය රහස්’ තීරය අවස්ථා ගණනාවකදීම විශේෂ අනාවරණයන් කරමින් කියා සිටියේ අදාළ ප්‍රතිඵලයත් සමග ආණ්ඩුව ඇතුළේ විශාල වෙනස්කම් ගණනාවක්ම සිදුවීමට නියමිතව ඇතැයි කියාය.

අප කළ මෙම අනාවරණය 100%ක්ම තහවුරු කරමින් පසුගිය සතියේ ස්වාධීන රූපවාහිනියේ දේශපාලන වැඩසටහනකට පැමිණි බිමල් රත්නායක අමාත්‍යවරයාද කියා සිටියේ ඉදිරි සති කීපය තුළ ආණ්ඩුවේ තනතුරු සහ වගකීම් රැසක් වෙනස් වීමට නියමිතව ඇතැයි කියාය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here