ආණ්ඩුවේ ක්ලිනික් යන අයට එකපාර මාස 2 කට බෙහෙත්

0
3

රජයේ රෝහල් සායනවලින් රෝගීන් වෙත ලබාදෙන ඖෂධ මාස දෙකකට සෑහෙන පරිදි ලබාදීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.

මෙම සතියේ සිට එය ක්‍රියාත්මක කෙරෙන බවද පැවසේ.

මෙතෙක් රෝහල්වල සායනවලට එන රෝගීන්ට ඖෂධ ලබාදුන්නේ මාසයකට ප්‍රමාණවත් ප්‍රමාණයක් පමණි.

රටේ උද්ගතව ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවත්, අදාළ අංශවලට ඒ සඳහා උපදෙස් ලබාදී ඇති බවත් සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති වෛද්‍ය හංසක විජේමුණි  මහතා කියයි.

සෞඛ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගත් බවද නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

දැනට ඖෂධ අඩුවෙන් තිබෙන රෝහල්වලට ප්‍රමාණවත් තරම් ඖෂධ තොග යැවීමට ද පියවර ගෙන ඇත.

මාස දෙකකට සරිලන ඖෂධ රෝගීන් වෙත නිකුත් කළත් හදිසි මොහොතක අදාළ සායනවලට ඒමට රෝගීන්ට අවස්ථාව ලබාදෙන බව ද ඇමැතිවරයා සඳහන් කරයි.

රට තුළ ඖෂධ හිඟයක් ඇති නොවන ආකාරයට කටයුතු කිරීම ද සැලසුම වී තිබේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here