ආණ්ඩුවක් අරන් තියපු පළමු මැයි රැළියේදී අනුරගෙන් උද්වේගකර කතාවක්! විපක්ෂයේ ‘වැල් බයිලා’ සියල්ලට උත්තර දෙයි! වැඩකරන අයට-වෘත්තීය සමිතිවලට පරණ ඇඳුම් ගලවලා අලුත් ඇඳුම් ඇඳගන්න කියයි! VIDEO I Sri Lanka Latest News

0
8


ශ්‍රී ලංකාවේ දේශපාලන බලවේගයක් ලෙස දැන් පවතින්නේ ජාතික ජනතා බලවේගය පමණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.Sri Lanka Latest News

අද ගාලු මුවදොර පැවති එම පක්‍ෂ මැයි දින රැලිය අමතමින් ඔහු පැවසුවේ ප්‍රතිවාදී කණ්ඩායම් තවදුරටත් දේශපාලන ව්‍යාපාර නොවන බවත් ඒවා කුණු ගොඩවල් පමණක් බවය.

ජාතික ජන බලවේගයට පිටතින් කිසිදු අභියෝගයක් නොමැති බවත් එම අභියෝගය ජාතික ජන බලවේගය තුළම පවතින බවත් ජනාධිපතිවරයා පැවසීය.

මාස හයක් ඇතුළත කිසිවෙකුට ප්‍රතිඵල අපේක්ෂා කළ නොහැකි බවත්, නිසි සැලැස්මක් සහිතව රට ඉදිරියට ගෙන යාමට රජය ශක්තිමත් අඩිතාලමක් දමා ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

‘අපේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරය පරණ ආකල්ප අත්හරින්න. හූනු බිකත් ඉල්ලලා සටන් කරන කාලය අවසන් කරන්න. හූණු බිකටත් පොර බදන කාලය අවසන් කරන්න.

දේශපාලන අධිකාරියක් ඇවිල්ල තියෙනව සියල්ල අත්හරින. අපිට පණක් වලින්, ගැසට්වලින්, රෙගුලාසිවලින් ලබාදීලා තිබෙන බොහෝ දේ අපි අත්හරිනව දේශපාලන අධිකාරිය. හැබැයි වෘත්තිය සමිති ව්‍යාපාර විතරක් හූණු බිජුවක් තරං හැමදේම ඉල්ලන්න එපා.

කාලයක් දෙන්න අපිට ඔබ පාරට බැහැලා අපි අවදි කරන්න ඔ්න ව්‍යාපාරයක් නොවෙයි අපි ඔබ දන්නවා. ඔබත් එක්ක වැඩ කරල තිබෙනව. ඔබගේ අපේක්‍ෂාවන් දන්නව. එහෙම නොදන්නව නම් අපි ඔබගේ මූලික වැටුප වැඩි කරන්නෑ ඔබගෙන් හීන් කෙඳිරියක්වත් නැතුව අපි මූලික වැටුප වැඩි කල. ඔබගේ කෙඳිරියක් නැතුව අපි ආපදා දීමනාව වැඩි කලා. අපාදා ණය වැඩි කලා. ඔබගේ කිසි ඉල්ලීමක් නැතිව අපි වැටුප් වර්ධක වැඩි කලා. ඔබට ලබා දෙන අතිරේක කාලය දීමනා වැඩි කලා.

හැබැයි චූටි වාක්‍යක එල්ලිල සටන් කරන්න ලෑස්ති වෙන්න එපා. ඒක යුක්ති සහගත නෑ

අද ඇවිල්ල තියෙන්නෙ මොන ව්‍යාපාරයක්ද. රට ගොඩනැගීම සඳහා මැදිහත් වෙන රට ඉස්සරහට ගෙනයාම සඳහා සූදානම් වන ව්‍යාපාරයක්.

එහිදී අපේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරය පැරණි ඇදුම් ඉවතලා අලුත් ඇඳුම් අඳගැනීමේ කාලය උදාවී තිබෙනවා.

අද ඉන්නේ රාජ්‍ය සේවය ශක්තිමත් කළ යුතුයි කියන දේශපාලන ව්‍යාපාරක්. අද ඉන්නෙ ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍යයි මේ රට ගොඩනැගීම සඳහා කියල විශ්වාස කරන ව්‍යාපාරයක්’



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here