ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අදත් රැස්වෙයි – Saru News | සිංහල

0
3

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (03) දිනයේද රැස්වීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති, කථානායක ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් අද දහවල් 12.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිතය.

විගණකාධිපති තනතුර සඳහා ජනාධිපති විසින් නිර්දේශ කරන ලද නම් පිළිබඳව අද දිනයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අවධානය යොමු කිරීමට නියමිතය.

හිටපු විගණකාධිපති ඩබ්ලිව්.පී.සී වික්‍රමරත්න විශ්‍රාම යාමත් සමඟ 2025 අප්‍රේල් මස 08 වන දින සිට විගණකාධිපති ධුරය හිස්ව පවතී.

ජනාධිපති විසින් අවස්ථා කිහිපයකදී විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් සිව් දෙනෙකුගේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යෝජනා කළද එම නම් යෝජනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කරනු නොලැබීය.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here