ආඩිඅම්බලම ප්‍රදේශයේදී පුද්ගල ඝාතන තැතක් ව්‍යාර්ථ වෙයි

0
8


පුද්ගලයින් දෙදෙනෙකු විසින් කටුනායක, ආඩිඅම්බලම, දැවමොට්ටාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරිමට දැරූ උත්සාහයක් ව්‍යාර්ථ වී තිබෙනවා. 

අදාළ ව්‍යාපාරිකයා 37 හැවිරිදි ආඩිඅම්බලම, දැවමොට්ටාව ප්‍රදේශයේ පදිංචි, මුදල් පොළියට දීමේ ව්‍යාපාරයක් ද පවත්වා ගෙන යමින් සිටින අයෙකු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

පොළියට මුදල් ලබා ගැනීමේ අරමුණින් පැමිණි බව පවසමින් ස්කූටර් වර්ගයේ යතුරු පැදියකින් පුද්ගලයින් දෙදෙනෙකු ව්‍යාපාරිකයාගේ නිවෙස වෙත ඇතුලු වී තිබෙනවා. 

අදාළ පුද්ගලයින් විසින් ව්‍යාපාරිකයාට වෙඩි තැබීමට සූදානම් වුවද ගිනි අවි නිසි පරිදි ක්‍රියාත්මක නොවීම නිසා වෙඩික්කරුවන් දිව ගොස් අදාළ නිවසෙහි තාප්පයෙන් පිටතට පැන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

එහිදී එක් වෙඩික්කරුවෙකු තුවාල ලබා මීගමුව මහ රෝහල වෙත ඇතුලත් කර ඇති අතර අනෙක් වෙඩික්කරු මිලිමීටර් 09 වර්ගයයේ පිස්තෝලයක් ද සමග ප්‍රදේශයෙන් අතුරුදහන්ව තිබෙනවා.
තුවාල ලැබූ වෙඩික්කරු අම්පාර ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු සන්තකයෙහි තිබී රිවෝල්වරයක් සහ එයට යොදන උණ්ඩ 05ක්, මිලිමීටර් 09 වර්ගයේ පිස්තෝල ගිනි අවියක් සඳහා යොදන පතොරම් 09ක් සහිත පතරොම් ගැබක් සහ තවත් මිලිමීටර් 09 වර්ගයේ පිස්තෝලයක හිස් පතරොම් ගැබක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here