Tuesday, May 6, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් ආචාර්ය ගුනේන්ද්‍ර ගයන්ත අනතුරේ රියදුරා මල්ලී නොවේ

ආචාර්ය ගුනේන්ද්‍ර ගයන්ත අනතුරේ රියදුරා මල්ලී නොවේ

0
12


Dr. Gunendra Gayantha's younger brother is not the driver in the accident

කැලණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය ගුණේන්ද්‍ර ගයන්ත ඔහුගේ බිරිය සතීෂා නිලන්ති සහ සතිෂාගේ මළනුවන් රවිඳු තීක්ෂණ මියගිය අධිවේගී අනතුර සම්බන්ධයෙන් පසුගිය දිනවල විශාල කථාබහක් ඇති විය.
මෙම අනතුර සම්බන්ධයෙන් ඇතැමුන් පළ කළ අදහස් පරස්පර වූ අතර ගමන් කළ වෑන් රථය හා එය පැදවූ අය ගැන විවිධ අදහස් පළ විය. අනතුර සිදුවන අවස්ථාව 160 kmph වේගයක් පවත්වා යාම ගැනද අදහස් පළවිය.
ඇතැමුන් පැවසූයේ වාහනය පැදවූයේ මියගිය මළනුවන් බවය.
වාහනය කුලියට ලබාගත් වෑන් රථයක් බව කියැවී තිබුණ නමුත් පැදවූ අයට කුමක් වූයේද යන්න වැඩි විස්තර පළ නොවීම මෙම සැකයට හේතුවිය.

සතී­ෂාගේ බාල සොහො­යු­රා මෙම රථය පදවා නැත. ඔහු ඩුබායි සිට ලංකාවට පැමිණ තිබුනේ ටික දිනකට පෙරයි. සතී­ෂාගේ පියා මිය ගොස් වස­රක් පිරෙන තැන සූදානම් කරන දාන­මය පුණ්‍ය­ක­ර්ම­යට එක්වීමට ඩුබායි සිට ඔහු පැමිණ තිබූ නිසා ඔහුවත් මෙම පවුලේ සංචාරයට එක්කරගෙන තිබුණි.
තහවුරු කරගත් ආරංචි අනුව මෙම ගමනට

සතිෂාගේ සොහො­යු­රාත්, සතී­ෂාගේ මවත්, නිවෙසේ උද­වු­වට සිටින තරු­ණි­යකත්, දරු පැට­වුන් තුන් දෙනාත් සමඟ ගුණේන්ද්‍ර යුවළ සහ රියදුරු එක්ව තිබූ අතර සංඛ්‍යාව සැලකීමේදී 9 ක් ගමන් කර තිබුණි.

යාප­නය ප්‍රදේ­ශයේ සංචා­රයට පිරිස පිටත් වූයේ 14 වැනි සිකු­රා­දාය.
මේ මාරක අන­තුර සිදු වන්නේ සංචා­ර­යෙන් අන­තු­රුව නිවෙස බලා පැමි­ණෙ­ද්දීය. පසු­ගිය 18 වැනිදා රාත්‍රියේ මධ්‍යම අධි­වේගී මාර්ගයේ 48.5R කණුව අසල එනම් අධි­වේගී මාර්ගයේ මීරි­ග­මට කිලෝ මීටර පහක් නුදු­රින් අනතුර සිදුවිය.
සංචා­රය සඳහා යොදා­ගෙන තිබුණේ කුලී පද­නම මත රියැ­දු­රු ද සමඟ ලබා­ගත් වාහ­න­යකි. 160kmph ක අධික වේග­යෙන් ධාව­නය වූ වාහ­නය ඉදි­රි­යෙන් ගිය ලොරි රථ­යක පසු­පස ගැටුණ පසු දිස්වනුයේ යකඩ ගොඩක් මෙනි. අවසන් මිලි තත්පරයේදී වාහනය වදින්නේ රියදුරුගේ පැත්තේ නොව අනෙක් පැත්තේය. බොහෝ විට අනතුරකදී වැදෙන්නට යාම බේරාගන්නට බැරිනම් තමන් බේරාගෙන අවම හානිය වෙනුවෙන් රියදුරන් සුක්කානම හසුරුවයි. මෙතැනදී සිදුව ඇත්තේද එයයි.
 රියැ­දුරාගේ ජීවි­තය බේරා­ගෙන තිබූ අතර ඉදි­රි­පස අසුනේ ගමන් ගත්තේ සතී­ෂාගේ සොහො­යු­රාය, රියදුරුට පසුපස දෙවැනි අසුනේ ගමන් කර­මින් සිටියේ ආචාර්ය ගුණේන්ද්‍ර සහ සතී­ෂාය.

දරුවන් මිත්තණිය හා මෙහෙකාරිය ඊට පසුපසිනි

ආචාර්ය ගුණේන්ද්‍ර සිද්ධිය වූ ස්ථාන­යේ­දීම මියගොස් තිබිණි. දරු තිදෙ­නාත් සතී­ෂාගේ මවත් නිවෙසේ උද­වු­වට සිටි තරු­ණි­යත් රියදුරාත් සුළු තුවාල ලැබූ අතර බේරුනේ ජීවිත අන­තු­ර­කින් තොර­වය.
මීරි­ගම රෝහ­ලට රැගෙන ගිය තුවා­ල­ක­රු­වන් ජාතික රෝහ­ලට මාරු කළේය. සතීෂා සහ ඇයගේ සොහො­යුරා දැඩි සත්කාර ඒක­කයේ ප්‍රති­කාර සඳහා යොමු කෙරු­ණි. දැඩි සත්කාර ඒක­කයේ දින 5ක් ප්‍රති­කාර ලබ­මින් සිටි­යදී සතී­ෂාගේ සොහො­යුරා මුලින් ජීවි­තය හැර ගියේය. දින 8කින් සතී­ෂාත් සමුගත්තාය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here