ආගමික දේශපාලනය නග්න කළ නග්දිගේ කික් එක එල්ලා මැරීම…?

0
2

නිශ්මං රණසිංහ ,අප්‍රේල් 10, කොළඹ LNW:

මැද පෙරදිග යුද්ධය හරිම බිහිසුණුයි.ඇමෙරිකාවේ හෝ ඊශ්‍රායලයේ ක්‍රියාකාරිත්වය අනුමත කළ නොහැකියි.විශේෂයෙන් ඇමෙරිකාව ලෝක චණ්ඩියාගේ භූමිකාව සමඟ කරන ක්‍රියාන්විත මනුස්සකමට නොගැලපෙන සුළුයි.

ඒත් ඇමෙරිකාවේ වීදි පුරා මේ කියාන්විතයට විරුද්ධව මිනිස් පවුරු හැඳෙනවා.අපට රජෙක් එපා කියන වචනය ඔවුන් මතු කරමින් ලෝකය එකම යායක්වීමේ මනුස්ස පරමාර්ථ සමානත්මතාවයෙන් වැළඳගත යුතුයි කියන පණිවිඩය හඬ නඟා කියන්නට දේශපාලනික ව්‍යහුය ඇතුළෙ සැකසුණු ප්‍රජාතන්ත්‍රවාදී ඉඩක් තිබෙනවා.

ඉරානයේ දේශපාලනය සම්පූර්ණයෙන් ආගමිකයි.ඒ ආගමික අදහස තමන්ගේ හදවතට ඇත්තක් සේ නොදැනෙන්නේනම් ඒ ගැන අදහසක් ප්‍රකාශ කිරීමටවත් ඒ ආගමික දේශපාලනය තුළ ඉඩක් නැහැ.අඩුම තරමේ ඔවුන් කියන දෙවියා අති ප්‍රබල හැකියාවක් සහිත වන්නේනම් මිනිසෙකුගේ ක්‍රියාවෙන් ඔහුට අබැටක හානියක් විය නොහැකි විය යුතුයි.ඒත් ඇත්ත ඊට වඩා තිත්තයි.අනෙකාව පෙරළෙන්නට පහර දිය හැකි ඉරානය සතු ඉහළම ක්‍රීඩා මානව සම්පතක් වන කික් බොක්සිං ක්‍රීඩක බෙන්ජමින් නග්දි අද දවසේ “දෙවියන්ට එරෙහිව යුද්ධ කිරීම” (moharebeh) යන චෝදනාව යටතේ මරා දමන්නට ඉඩ තිබෙනවා.

ඔහු 2026 ජනවාරි 3 වන දින ෂිරාස් (Shiraz) නගරයේදී අත්අඩංගුවට ගත්තේ විරෝධතා අතරතුර ආරක්ෂක අංශවලට එරෙහිව ගිනි නිවන උපකරණයක් භාවිතා කළ බවට චෝදනා එල්ල කරමිනුයි.ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල කළ හැකි මට්ටමට ඔහුගෙන් පාපොච්චාරණයන් බලහත්කාරයෙන් සහ වධහිංසා පමුණුවා ලබාගත් ඒවා බවට මානව හිමිකම් ක්‍රියාකාරීන් චෝදනා කරනවා. හුගේ ජීවිතය බේරා ගැනීම සඳහා ජාත්‍යන්තර වශයෙන් #StopExecutionsInIran සහ #BenyaminNaghdi වැනි හෑෂ්ටැග් (hashtags) ඔස්සේ විශාල ප්‍රචාරණයක් ක්‍රියාත්මක වුණත්,නග්දි අද දවසේ ඔහුගේ හුස්ම හිරවෙන තුරු එල්ලා මරනු ඇතැයි මානව හිමිකම් සංවිධානම අනතුරු හඟවනවා.

සැබවින්ම මේ දෙවියන්ගේ ශුද්ධත්වය පිළිබඳව සහ කරුණාව,දයාව පිළිබඳව ඔහුගේ වගකීම භාරගත් මානව සමාජයේ භාරකරුවන් සේ හැසිරෙන පූජක ප්‍රසාදීන් විසින් දෙවියන් යනු අකාරුණික සහ රෞද්‍රභාවයේ සංඛේතයක් ස් පිළිබිඹු කිරිමක් නොවේද? දෙවියන් විසින් තමන්ට විරද්ධ මතයක් දැරීම කුරිරු ලෙස ඝාතකය කර දැමීමට හේතුවක් ලෙස සළකන්නේනම් එම දෙවියන්ගෙන මානව සමාජයට ලැබෙන යහපත් මග පෙන්වීමක් ඇද්ද?

පූජණීය බවට කුරිරු කමේ සළුපිළි අන්දවා කරන මේ වන්දනීයභාවය ආගමේ නාමයෙන් එහි වත් පිළිවෙත් පවරා ගත් පූජක පැළන්තියේ පැවත්ම වෙනුවෙන් කරන අධිපතිවාදි දේශපාලනයක්.මේ දේශපාලනයේ කුරිරුකම විසින් ක්‍රීඩාවට අහිමි කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගොන්නට අද බොහෝ විට නග්දිවත් ඇතුළත් විය හැකියි.

ඉරාන මානව හිමිකම් ලේඛන මධ්‍යස්ථානය (IHRDC) , ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් (Amnesty International), යන සංවිධාන මේ තීරණයට එරෙහිව විශාල විරෝධයක් නඟමින් සිටිනවා.අද ඒ අවාසනාවන්ත දවස උදාවනු ඇති බව ඔවුන් විසින් සැක කළ ද තව දුරටත් ඔහුගේ ජීවිත්විමේ අයිතිය වෙනුවෙන් ඔවුන් පෙනී සිටිනවා. Be His Voice’ (ඔහුගේ හඬ වන්න) යන තේමාව යටතේ ලොව පුරා විසිරී සිටින ඉරාන වැසියන් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් X (Twitter) සහ Instagram ගෙන ගිය සටනද තවමත් සක්‍රීයව පවතිනවා.ඊයෙ නග්දිගේ මවටවත් ඔහුව බලන්නට ඉඩ නොදි ඇඳුම් පැළදුම් භාරදීම දෙ මරා දැමීමට ඉඩ ඇතැයි යන්න විශ්වාස කිරීමට හේතුව වී තිබෙනවා.

ඔහුගේ මරණයට හේතුව දෙවියන්ට එරෙහිව යුද්ධ කිරීමනම් කව යුතුව ඇත්තේ එක දෙයකි.ඒ දෙවියන් පවා බය කළ හැකි මිනිසුන් සිටින බවය.තමන්ට වඩා උසස් මිනිසෙකු නිර්මාණය වීමට ජඩ දේශපාලනය තුළ ඉඩක් නොදෙනාකාරය දේව දේශපාලනයට ද අදාළ බව පවසමින් නග්දි එල්ල කරන කික් එක ඔහු ඔහුගේ කික් බොක්සිං ජීවිතයේ එල්ල කළ සියලු කික්වලට වඩා සදාකාලික වටිනාකමකින් පවතිනවා ඇත.

The post ආගමික දේශපාලනය නග්න කළ නග්දිගේ කික් එක එල්ලා මැරීම…? appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here