ආගමික උත්සව සඳහා අඛණ්ඩ විදුලි සැපයුම පිළිබඳ කැබිනට් ප්‍රකාශකගෙන් පැහැදිලි කිරීමක්!

0
4

රෂිකා හෙන්නායක මාර්තු 31, කොළඹ LNW :

මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් මෙරට බලශක්ති අර්බුදයක් නිර්මාණය වී තිබුණද, ඉදිරි උත්සව සමයන්හිදී විදුලි කප්පාදුවක් සිදු නොකරන බව රජය අවධාරණය කරයි.

අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරන පරිදි, එළැඹෙන වෙසක් සහ පොසොන් වැනි ප්‍රධාන ආගමික උත්සව සඳහා රජයේ පූර්ණ අනුග්‍රහය සහ අඛණ්ඩ විදුලි සැපයුම හිමිවනු ඇත.

“ජනතාවගේ දෛනික ජීවිතය කියන්නේ ආර්ථික කටයුතු පමණක් නෙමෙයි ජනතාවගේ වින්දනීය, සංස්කෘතික, සෞන්දර්යාත්මක සමාජීය ජීවිතය අපි පුළුවන් තරම් ආරක්ෂා කරන්න ඕනේ. ඒ නිසා අපේ කිසිම බලාපොරොත්තුවක් නෑ එළැඹෙන වෙසක් උත්සවය, පොසොන් උත්සවය, ඇසළ උත්සවය සහ අනිත් ආගමික උත්සයන් කප්පාදු කිරීමට අපේ කිසිදු බලාපොරොත්තු වීමක් නෑ. ඒවාට අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය අපේ පැත්තෙන් සිදුවෙනවා. නමුත් ලොකයේ පවතින තත්ත්වය අනුව අපි කවුරුත් හිතනවා බලශක්ති කළමනාකරණය පැත්තෙන් සහ දැනුවත් පරිභෝජනය කියන සංකල්පය යටතේ කටයුතු කරයි කියලා. ඒ නිසා රජය එවැනි උත්සව සීමා කිරීමට කිසිදු බලාපොරොත්තුවක් නෑ.” ලෙසද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරන ලදී.

බලශක්තිය ඉතිරි කර ගැනීම සඳහා රජයේ ආයතන වෙත දැනටමත් විශේෂ මාර්ගෝපදේශ නිකුත් කර ඇති අතර බදාදා දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

ජනතාවගේ සංස්කෘතික සහ සමාජීය ජීවිතය ආරක්ෂා කිරීම රජයේ අරමුණ වුවද, පවතින ගෝලීය තත්ත්වය හමුවේ වගකීම් සහගත ලෙස විදුලිය පරිභෝජනය කරන ලෙස අමාත්‍යවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියි. ආර්ථික අපහසුතා මධ්‍යයේ වුවද ජනතාවගේ ආගමික වතාවත් සඳහා බාධාවකින් තොරව පහසුකම් සැලසීම මෙහි ප්‍රධාන අභිලාෂයයි.

The post ආගමික උත්සව සඳහා අඛණ්ඩ විදුලි සැපයුම පිළිබඳ කැබිනට් ප්‍රකාශකගෙන් පැහැදිලි කිරීමක්! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here