ආකර්ෂණීය පෙනුමක් පවත්වාගෙන යන්න නම් මේ දේවල් කරන්න

0
20


ඔබ නිරත වන වෘත්තිය , ඔබේ රැකියාව සහ සමාජ සම්බන්ධතා නිසි ආකාරයෙන් පවත්වාගෙන යාම සඳහා ඔබේ පෙනුම අතිශයින්ම වැදගත් වනවා. පෙනුම මිනිසුන් මනින මිනුම් ඒකකයක් නොවුනත් විශේෂයෙන්ම සමාජයීය සම්බන්ධතා වලදී ආත්ම විශ්වාසයෙන් යුතුව සමාජය ඉදිරියේ පෙනී සිටීමට ඔබට මෙය පවත්වාගෙන යාම වැදගත් වෙනවා. සරල පියවරවල් කිහිපයකින් ඔබේ පෙනුම ඉතා හොඳින් පවත්වාගෙන යන්නේ කොහොමද කියලා මේ ලිපියෙන් අපි බලමු.

පිරිසිදු සහ නැවුම් පෙනුමක් පවත්වාගෙන යාම සඳහා හොඳ සනීපාරක්ෂාවක් පවත්වාගෙන යාම වැදගත් වෙනවා. දෛනික සනීපාරක්ෂක පිළිවෙත් අනුගමනය කිරීම ඔබට හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ද ලබා දෙනවා.

ස්නානය – දිනපතා ස්නානය කිරීමෙන් ඔබේ සමෙන් අපිරිසිදු දහඩිය සහ බැක්ටීරියා ඉවත් කර නැවුම් සහ පිරිසිදු බවක් ලබා දෙනවා.

දෑත් සහ නියපොතු පිරිසිදුව තබා ගැනීම –  ඔබේ පෙනුමට බලපාන තවත් සාධකයක් තමයි පිරිසිදු දෑත් කියන්නේ. නියපොතු පිළිවෙලට කපා පිරිසුදුව තබා ගැනීම සහ දෑත් සෝදා පිරිසුදු තබා ගැනීමත් අතිශයින්ම වැදගත්.

මුඛ සත්කාර – දිනකට දෙවරක් දත් මැද ආහාර ගැනීමෙන් පසුව හොඳ mouth wash එකක් භාවිතා කිරීමෙන් හොඳ මුඛ සෞඛ්‍යයක් පවත්වාගෙන යාමට ඔබට හැකි වනවා.

දිලිසෙන සහ නීරෝගී හිස කෙස් කළඹක් පවත්වාගෙන යාම සඳහා දිනපතා ඔබේ හිසකෙස් රැක බලා ගැනීම අතිශයින්ම වැදගත් වනවා. හොඳ හිස කෙස් කළඹක් ඔබේ පෙනුම වැඩි දියුණු කරනවා.

හිසකෙස් කැපීම –  නිසි කාලයේදී හිස කෙස් කප්පාදු කිරීමෙන් හිස කෙස් අග පැලීම වළක්වනවා

සේදීම සහ කන්ඩිෂනර් කිරීම – ඔබේ හිස කෙස් වල ස්වභාවයට ගැලපෙන ශැම්පු වර්ගයක් සහ කන්ඩිෂනර් භාවිතා කර හිස කෙස් නිසි ආකාරයෙන් පිරිසිදු කර පවත්වා ගෙන යන්න

තාපයෙන් ආරක්ෂා කිරීම – අධික තාපය සහිත අලංකරණ උපකරණ නිතර භාවිතා කිරීමෙන් වළකින්න

හොඳ Skin care routine එකක් අනුගමනය කිරීම මගින් ඔබේ සම නීරෝගීව සහ පැහැපත්ව තබා ගැනීමට හැකි වනවා. 

පිරිසිදු කිරීම – ඔබේ සමේ වර්ගයට ගැලපෙන පිරිසිදු කාරක මගින් සම හොදින් පිරිසිදු කිරීමෙන් සමේ පැහැය හොඳින් පවත්වාගෙන යාමට , කුරුලෑ ඇතිවීම වලක්වා ගැනීමට , සම මත ලප කැළැල් ඇතිවීම වළක්වා ගැනීමට සහ සම පැහැපත්ව පවත්වාගෙන යාමට හැකියාව ලැබෙනවා.

මොයිස්චරයිසින් – සමේ තෙතමනය ආරක්ෂා කිරීමට හොඳ තෙතමන කාරකයක් භාවිතා කිරීමත් අතිශයින්ම වැදගත් වනවා.

හිරු එළියෙන් ආරක්‍ෂාව – හිරු එළියෙන් සමට ඇතිවිය හැකි හානි වලක්වා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම sunscreen එකක් සම මත ආලේප කරන්න 

විවිධ අවස්ථාවන්ට ගැලපෙන පරිදි ඇඳුම් ඇඳීම ඔබේ පෞරුෂය නංවා පෙන්වනවා වගේම ඔබේ පෙනුම වැඩි දියුණු කර පෙන්වනවා. ඔබ ඇඳුම් පැළඳුම් තෝරා ගන්නා ආකාරය අනුව ඔබේ විලාසය , පෞරුෂය , ඔබ සහභාගී වන අවස්ථාව සහ ස්ථානය පිළිබඳව ඔබ තුළ ඇති ගෞරවයද පිළිබිඹු කරනවා.

අවස්ථාව තේරුම් ගන්න – ඔබ ඇඳුම් තෝරා ගැනීමේදී ඔබ සහභාගී වන අවස්ථාවට අනුව ඇඳුම් තෝරා ගැනීම අතිශයින්ම වැදගත්. 

වර්ණ සහ රටා – ඔබ කුමන අවස්ථාවට සහ ස්ථානයට ගැලපෙන ඇඳුම් තෝරා ගත්තත් ඒවා ඔබේ ශරීරයට සහ සමේ පැහැයට ගැලපෙන්නේ නැත්නම් ඔබ අඳින ඇඳුම මොනතරම් සුදුසු එකක් වුණත් පලක් වන්නේ නැහැ. ඒ නිසා සෑම විටම ඔබේ ශරීරයේ හැඩයට සහ වර්ණයට අනුව ඇඳුම් තෝරා ගන්න.

වියායාම සිදු කරන්නේ ශරීරයේ බර අඩු කර ගැනීම සඳහා පමණක් නොවේ. ශරීරයේ ශක්ති මට්ටම පවත්වාගෙන යාමට , ප්‍රබෝධමත් බව රැක ගැනීමට , ශරීරය ක්‍රියාශීලීව තබාගැනීමට , නිසි බරක් පවත්වාගෙන යාමට  සහ සෞඛ්‍ය සම්පන්න බව රැක ගැනීමට ඔබ දිනපතා ව්‍යායාම කළ යුතු වනවා. මෙය ඇවිදීම , දිවීම , පිහිනීම හෝ යෝගා අභ්‍යාස වැනි සරල ක්‍රියාකාරකමක් වුවත් විය හැකියි.

ඔබ භාවිතා කරන ඉරියව් ඔබේ පෞරුෂය සඳහා බලපානවා. විශේෂයෙන්ම රැකියා ස්ථානයේදී සහ සමාජ සම්බන්ධතා වලදී හොඳ ඉරියව් පවත්වා ගෙන යාම අතිශයින්ම වැදගත්

නිවැරදිව සිට ගන්න – ඔබේ කොන්ද කෙලින් තබාගෙන උරහිස් නිසි ආකාරයෙන් තබාගෙන නිවැරදිව සිට ගන්න.

නිවැරදිව වාඩි වෙන්න – ඔබ වාඩිවනන විට ආසනය මත ඍජුව කොන්ද කෙලින් තබාගෙන හොඳ ඉරියව්වකින් වාඩි වෙන්න.

ඔබ ලබා ගන්නා ආහාර ඔබේ සෞඛ්‍යයට වගේම ඔබේ සමේ සෞඛ්‍යයටත් සෘජුවම බලපානවා.  හොඳ එළවලු සහ පලතුරු , මස් මාළු , කිරි සහ බිත්තර වැනි දේවල් දිනපතා ඔබේ ආහාර වේලට එකතු කර ගන්න.

සජලනය කරන ආහාර – ජල අන්තර්ගතය බහුල ආහාර ඔබේ සමේ තෙතමනය ආරක්ෂා කරමින් ශරීරයට අවශ්‍ය ජල අවශ්‍යතාවයෙන් කොටසක් සපුරනවා.

ප්‍රතිඔක්සිකාරක බහුල ආහාර – මේවා මගින් සමට සිදුවන හානි සහ සම වයසට යාම වළක්වනවා.

ප්‍රෝටීන සහ සෞඛ්‍ය සම්පන්න මේද – මේවා සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගැනීමට සහ සමේ සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීමට උපකාරී වනවා

නිරෝගී සමක් සහ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ලබා ගැනීම සඳහා ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම ඔබ අනිවාර්යෙන්ම කළ යුතුයි.හොඳින් සජලීයව සිටීම මගින් සෞඛ්‍යමය අතින් ඔබට බොහෝ වාසි ලැබෙනවා.

ප්‍රමාණවත් තරම් ජලය පානය කරන්න – දිනකට අවම වශයෙන් වතුර වීදුරු අටක් හෝ නවයක් පානය කරන්න

ජලය අඩංගු ආහාර අනුභව කරන්න – ඉහළ ජල අන්තර්ගතයක් සහිත ආහාර ඔබේ දෛනික ජල අවශ්‍යතාවය සපුරාලීමට දායක වනවා.

විජලනය කරන පාන වර්ග ගැනීම සීමා කරන්න – මත්පැන් සහ කැෆේන් අධික වර්ග ඔබේ ශරීරය විජලනය කරන නිසා ඒවා පරිභෝජනය කිරීම සීමා කරන්න.

නැවුම් සහ තරුණ පෙනුමක් පවත්වාගෙන යාම සඳහා සුව නින්දක් ලබා ගැනීම අත්‍යවශ්‍ය වනවා. නින්ද නිසි ආකාරයෙන් නොලැබීම හේතුවෙන් ඇස්වටා අඳුරු කව ඇතිවීම , ඇස් ඉදිමීම සහ සම අඳුරුවීම විය හැකියි.

නින්ද සඳහා වෙලාවක් සකසන්න – සෑම දිනකම එකම වේලාවක නින්දට යාම සහ අවදි වීම පුරුද්දක් කර ගන්න.එමගින් ඔබේ නින්දේ ගුණාත්මක භාවය වැඩි වනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here