කෙස් කළඹ යනු කාන්තාවන්ගේ සුන්දරත්වය ඉස්මතු කරන ප්‍රධාන අංගයක්. නමුත් කෙස් කලඹහෙි ආකර්ෂණීය පෙනුම පවත්වාගෙන යාම නම් තරමක ගැටළුවක්. කෙස් කළඹ සෞඛ්‍ය සම්පන්නව සහඅලංකාරව පවත්වාගෙන යෑමට නම් එයට නියමිත ලෙස සාත්තු කිරීම අත්‍යාවශ්‍යයි. අනවශ්‍ය ලෙස හෝ වැරදි සාත්තුව මඟින් කෙස් කලඹට හානි විය හැක.
ඕනෑම කෙනෙකුගේ කෙස් ගස් දිනකට හතළිහක් පනහක් පමණ හැලෙන අතර වයස් ගතවීමත් සමඟ කෙස් ගස් තුනි වීමත් කෙස් ගස් සුදු වීමත් තට්ටය පෑදීමත් සාමාන්‍ය දෙයක්. නමුත් මේවා වයස්ගත වීමට පෙර සිදුවේ නම් එය අස්වාභාවිකයි. එවිට සුදුසුම දේ වනුයේ සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් උපදෙස් ප්‍රතිකාර ලබා ගැනීමයි. හිසකෙස් සම්බන්ධව කෙස් පිළිබද සුලබ ගැටළු කීපයක් ලෙස හිසකෙස් අකලට හැලීම, අකලට කෙස් පැසීම, කෙස් අග පැලීම, කෙස් ගස් තුනි වීම ආදිය දැක්වීමට පුළුවන්. ඇතැම් රෝගාබාධ සහ දේශගුණික හේතු නිසා හිසකෙස් වර්ධනයේ අඩාල වීමක් සිදු වෙනවා නම් ඊට ප්‍රතිකාර කළ යුතුයි. ප්‍රමාණවත් නින්ද, නිසි පෝෂණයක, ප්‍රමාණවත් ජල පානය, ජල ස්නානය, හිසකෙස් පිරිසුදුව තබා ගන්නේ නම් හිසකෙස් ස්වාභාවිකවම නීරෝගීව වැඩෙනවා.
මේ අයුරින් සැලකිල්ලෙන් කටයුතු කලහොත් කෙස් කළඹ සෞඛ්‍ය සම්පන්නව සහඅලංකාරව පවත්වාගන්න ඔබට අසීරුවන්නේ නැහැ.
– කල්හාරී –
Saru FM Media